ධනුෂ්ක අධිකරණය ට

  ධනුෂ්ක ගුණතිලකගේ දෙවන ඇප ඉල්ලීම සිඩ්නි හී ඩවුනින් මධ්‍යම අධිකරණයේදී අද (17) කැඳවීමට නියමිතව තිබේ. මේ අතර ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බන්ධන්ගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ගේ නීතීඥවරු කළ ඉල්ලීමකට අධිකරණයෙන් ඊයේ (16) අවසර ලැබුණි. ඒ අනුව සිඩ්නි දුම්රිය ස්ථානයක CCTV දර්ශන සහ වෙනත් තොරතුරු ලබා ගැනීමට එම නීතිඥවරුන්ට අවසර දී…

Read More

අනාරක්ෂිත ළිඳකට වැටී 9 හැවිරිදි දරුවා මරුට

  සෙට්ටිකුලම පොලිස් වසමේ පෙරියකුලම් ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ කපා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී කුඩා දරුවෙක් මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මේ පිළිබඳ සෙට්ටිකුලම පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බවය. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 9ක් වූ පිරිමි දරුවෙකි. එම දරුවා මව සහ සහෝදරිය සමග ජීවත්ව ඇති අතර, සෙල්ලම් කරමින් සිටිය දී නිවස…

Read More

අද සිට වෙනස් වෙන පාස්පෝට් ගාස්තු

  විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී අය කරනු ලබන ගාස්තු සංශෝධනය කර තිබේ. ලබන වසර සඳහා වු අයවැය යෝජනාවකට අනුව අද (17) සිට බලපැවැත්වෙන පරිදි එම ගාස්තු සංශෝධනය වන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී මෙතෙක් අයකරනු ලැබු රුපියල් 15,000ක ගාස්තුව රුපියල් 20,000ක්…

Read More

අදත් තැන තැන වැසි

  සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මිහිදුම්…

Read More

චීනය ණය දෙන්නෙ නෑ, සහාය දෙනවා – ලින් සොන්ග්ටියන්

  චීනය ණය දෙන්නෙකු නොව සහාය දෙන්නෙකු බව මහජන චීන සමූහාණ්ඩුවේ දූත මණ්ඩල තානාපති කාර්යාලයේ ප්‍රධානී, තානාපති ලින් සොන්ග්ටියන් පවසනවා.ඔහු අවධාරණය කරන්නේ, චීනය ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්නේ, සමස්ත ලෝකයට ම ආයෝජන පහසුකම් සැලසීමේ අරමුණින් බව යි.චීන – ශ්‍රී ලංකා මිත්‍රත්වය සම්බන්ධයෙන් කොළඹ දී පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව අවධාරණය කළා.

Read More

2023 දී වන අලි සංගණනයක්

  ලබන වසරේදී අලි සංගණනයක් පැවැත්වීමට කෘෂිකර්ම, වනජිවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අවසන් වරට මෙරට තුළ වනඅලි සංගණනයක් පවත්වා ඇත්තේ 2011 වසරේ දී යි. එම කාල වකවානුවේදී 5000 ඉක්මවූ වන අලින් සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වූ අතර, නිල නොවන දත්ත අනුව දැනට වන අලි ගහනය 7000කට ආසන්න බවයි වනජීවි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

Read More

ශ්‍රවණාබාධිතයින්ටත් ලයිසන්

  සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීමේ විශේෂ නියමු වැඩසටහනක් අද (16) ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා විය. ඒ, පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීම වෙනුවෙනි. ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය වසර 40ක පමණ සිට කරන ලද එම ඉල්ලීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි විය. මෙම නියමු වැඩසටහනේ ප්‍රගතිය අනුව…

Read More

මහ කන්නය සඳහා ගොවීන්ට යූරියා පොහොර ලබාදීම අද සිට

    මහ කන්නය සඳහා අවශ්‍ය සමස්ත යූරියා ප්‍රමාණයම අද (16) සිට ගොවීන්ට එකවර ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මහ කන්නයේ ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය යූරියා පොහොර රැගත් පළමු නෞකාව කොළඹ වරායට පැමිණි අතර අදාළ නෞකාවෙන් යූරියා මෙට්‍රික් ටොන් 22,000 ක් රැගෙනවිත් තිබෙනවා. ඒ අනුව හෙක්ටයාර එකක් සඳහා යූරියා කිලෝ 157…

Read More

කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී අනතුරක්

  මීගමුව සහ කුරණ අතර ප්‍රදේශයේ සිදුවූ අනතුරක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා. ඒ අනුව දී අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ කන්ටේනර් රථයක් කුරණ දුම්රිය ස්ථානය ආසන්නයේදී මීගමුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන මන්දගාමී දුම්රියේ ගැටී ඇති බවයි සඳහන් වන්නේ. අනතුරින් දුම්රියේ එංජිමට හානි සිදුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Read More

ක්‍රිකට් ආයතනයෙන් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 120 ක පරිත්‍යාගයක්

  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 120 ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා. මෙම වසරේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිදුකළ තරඟ සංචාරයේ දී තරඟ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපයා ගත් මුදල් මෙලෙස ජාතික ක්‍රීඩා අරමුදලට පරිත්‍යාග කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ. ශ්‍රී…

Read More
Back To Top