මෝටර් රථ හිමිකරුවන්ට අනතුරු ඇඟවීමක්

සිය මෝටර් රථ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දෙයි. ඒ රට තුළ විවිධ ප්‍රදේශවලින් මෝටර් රථ සොරකම් කිරීම් වාර්තා වීම හේතුවෙනි. ඊට ආසන්නම සිදුවීම වාර්තා වූයේ වැලිවේරිය ප්‍රදේශයෙනි. එහිදී පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ රුපියල් ලක්ෂ 32ක් පමණ වටිනා මෝටර් රථයක් සොරකම් කිරීම ගැනය. අනතුරුව පොලිස් නිලධාරීන් ජංගම දුරකථන දත්ත භාවිතයෙන් පරීක්ෂණ සිදුකර පුද්ගලයෙක්ව…

Read More

නව විදුලි ගාස්තු සංශෝධනයට එකඟ නැහැ

නව විදුලි ගාස්තු සංශෝධනයට තමන්ද එකඟ නොවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. එහි සභාපති නිහාල් වීරරත්න සඳහන් කළේ, විදුලිය නිෂ්පාදන​ය සඳහා වැයවන පිරිවැය අඩු කිරීමට අවස්ථාව තිබියදී මෙලෙස විදුලි ගාස්තු සංශෝධනය සිදු කර ඇති බවයි. විදුලි ගාස්තු සංශෝධනයේදී මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින්ගේ හැසිරීම සම්බන්ධයෙන් දැඩි ගැටලුවක් පවතින බවයි ඔහු සඳහන් කළේ.

Read More

අපරාධ රැසකට සම්බන්ධ කොල්ලකරුවෙකු අත්අඩංගුවට

රන්මාල කොල්ලකෑම් සම්බන්ධයෙන් වරෙන්තු 11ක් නිකුත් කර තිබූ සැකකරුවන් දෙදෙනෙක් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (15) කළුතර පොලිස් වසමේ සුමංගල මාවත දුම්රිය හරස් මාර්ගය අසලදී කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදුකර ඇත. එහිදී යතුරුපැදියක් යොදා ගනිමින් රුපියල් ලක්ෂ 10ක් වටිනා රන්මාල 5ක් කොල්ලකන ලද වරෙන්තු 11ක් නිකුත්…

Read More

ෆොටෝ කොපියක මිල රුපියල් 5 කින් ඉහළට

සෑම සේවාවකම මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා පවසනවා. ඒ අනුව ෆොටෝ කොපියක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට කටයුතු කරන බවයි අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

Read More

ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල සහිත් අභිරහස් මරණයක්

හලාවත පොලිස් වසමේ කොක්කාවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු නිවස තුළ බිම වැටී මියගොස් ඇතැයි හලාවත පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි. ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලීසිය මියගොස් ඇත්තේ 49 හැවිරිදි පුද්ගලයෙක් බවට අනාවරණය කරගෙන ඇත. මියගිය පුද්ගලයා මානසික ආබාධයකින් පෙළෙමින් සිටි අයෙකු වන අතර ඔහුගේ පුතා විසින් එම පැමිණිල්ල සිදුකර ඇති බවත් පොලීසිය පැවසීය. මෘත ශරීරය පිළිබඳ…

Read More

අද සිට විදුලි කපන්නෙ නෑ

අද (16) සිට විදුලි කප්පාදුව නවත්වන බවත් ඒ අනුව අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට කටයුතු කරන බවත් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ අඛණ්ඩ විදුලි සැපයුමක් ජනතාවට ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා ද තමාට උපදෙස් ලබාදුන් බවය. විදුලි ගාස්තු සංශෝධනයට අනුමැතිය හිමිවීමත් සමග ගල් අඟුරු මිල දී ගැනීමට ලංකා බැංකුවෙන්…

Read More

නොමනා වැඩක් කළ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

පාසල් ළමුන් ඉඅලක්ක කර විකිණීමට ලග තබා අග්ත් මත් කරල් 145ක් සමග බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයෙකු පොලිස් විෂේශ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බදුල්ල මුතියංගන විහාරස්ථානය ඉදිරිපිට මාර්ගයේ දී ඊයේ සැකකරු අතඩංගුවට ගෙන ඇත්තේ, පෞද්ගලික ඔත්තුකරුවෙකු ලබා දුන් තොරතුරකට අනුවයි. මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මයිලගස්තැන්න ප්‍රදේශයේ පදිංචි…

Read More

ගම්පොළදී ATM යන්ත්‍රයක් ගලවාගෙන ගිය සැකකරුවන් 7 ක් අත්අඩංගුවට

ගම්පොළ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවකින් මුදල් සමග ATM යන්ත්‍රයක් ගලවාගෙන ගිය සැකකරුවන් 07 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී සැකකරුවන් සතුව තිබී ATM යන්ත්‍රය සහ පිස්තෝලයක් ද පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ

Read More

මහ කන්නයේ වී මිලදී ගැනීම අද ආරම්භ වෙයි

මහ කන්නයේ වී මිලදී ගැනීම අද (15) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මේ වනවිට අදාල ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමු කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ. ඒ අනුව උපරිම තෙතමනය 14% ක් සහ උපරිම බොල් ප්‍රමාණය 9% ක් වන නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝවක් රුපියල් 100 ක මුදලකට මිලදී ගැනීමට…

Read More

අද විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට යන පිරිස් වෙත දැනුම්දීමක්

ගමන් බලපත්‍ර ලබා ගැනීමට අද (14) දින වේලාවන් වෙන්කරවාගත් පිරිස් අද දිනයේ සේවාවන් ලබා ගැනීමට නොපැමිණෙන ලෙස දැනුම්දෙන බව ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය පවසනවා. ඒ අනුව අද දිනයේ පැමිණීමට නියමිත අයඳුම්කරුවන් අනිද්දා(15) පැමිණෙන ලෙසත් අනෙකුත් පිරිස්ද වේලාවන් වෙන්කරගත් දිනට පසුදින පැමිණෙන ලෙසත් සිකුරාදා (17) දිනයේ වේලාවන් වෙන්කරගත් පිරිස් සඳහා සෙනසුරාදා දිනයේ ගමන් බලපත්‍ර ලබාගත…

Read More
Back To Top