Lanka Latest news site 51

පිටි මිල අඩු වුනත් පාන් බනිස් මිල අඩු කරන්න බෑ

  තිරිඟු පිටි මිල පහල ගියද පාන් ඇතුළු බේකරි නිෂ්පාදන කිසිවක මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. තවමත් තම නිෂ්පාදන වලින් පාඩු ලබන බව සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය. ‘පාන් පිටි මිල අඩු වුණත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන්නේ නැහැ කියලා අද වෙනකොට බේකරි හිමියන් සම්පූර්ණයෙන්ම…

Read More
Lanka Latest news site 49

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

  බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මි.මී.50ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි…

Read More
Lanka Latest news site 48

භාණ්ඩ කිහිපයක ආනයන සීමා ලිහිල් කිරීමට අවධානය

  ආනයනික සීමා පනවා ඇති භාණ්ඩ කිහිපයක සීමා ඉවත් කිරීමට ඉදිරි සති දෙක තුළ ක්‍රියා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ අනුව රූපලාවන්‍ය නිෂ්පාදන, රථවාහන අමතර කොටස් සහ අපනයන නිෂ්පාදන සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය සඳහා එම තීරණය ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Read More
Lanka Latest news site 45

තොරතුරු තාක්ෂණ ප්‍රවීනයින් රට හැර යෑමේ අවදානමක්

  රජය විසින් හඳුන්වා දී ඇති නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය කඩා වැටීමකට ලක්වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක සමාජය පවසනවා. එහි සභාපති දමිත් හෙට්ටිහේවා  සඳහන් කළේ මේ හේතුවෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් මේ වනවිට රටහැර යන තත්වයකට පත්ව ඇති බවයි.

Read More
Lanka Latest news site 434

ගල් අඟුරු නෞකාවක් ලබන අඟහරුවාදා දිවයිනට

  ගල් අඟුරු නෞකාවක් ලබන අඟහරුවාදා (24) දිවයිනට පැමිණීමට නියමිත බව ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ සඳහන් කළා.කළ විමසීමක දී ඔහු කියා සිටියේ මීට පෙර ගිවිසුම්ගතවූ සමාගමෙන්ම මෙම ගල් අඟුරු තොගය ආනයනය කිරීමට පියවර ගත් බවයි. ඒ අනුව නොරොච්චෝලේ තාප බලාගාරය, ගල් අඟුරු හිඟයකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකි බව ද ඔහු සඳහන් කළා.

Read More
Lanka Latest news site

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග පැවැත්වීමට දින නියම වෙයි

  022 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. (උසස් පෙළ) විභාගය පැවැත්වෙන දිනයන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන දෙසැම්බර් මස 18වැනි දා පැවැත් වීමටත්, අ.පො.ස. (උසස් පෙළ) විභාගය ලබන වසරේ (2023) ජනවාරි මස 23 සිට පෙබරවාර මස 17 වැනිදා දක්වා පැවැත් වීමටයි අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර…

Read More
Lanka Latest news site

කුකුළු මස් මිල අඩුවෙයි

  අද සිට ක්‍රියාත්මක වන පරිදි කුකුළු මස් කිලෝවක මිල අඩු කිරීමට කුකුළු මස් අලෙවිකරුවන්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 1500ක්ව පැවති කුකුල් මස් කිලෝවක මිල රුපියල් 1080ක් දක්වා අඩු කළ බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

Read More
Lanka Latest news site

වසරේ යල කන්නයේ සහල් අතිරික්තයක්

  2023 වසරේ යල කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න ලබාගත් පසු රටේ සහල් අතිරික්තයක් ඇතිවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් රෝහණ පුෂ්පකුමාර මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Read More
Lanka Latest news site

බොරතෙල් මිලේ සුළු ඉහළ යාමක්

  ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ සුළු ඉහළ යාමක් පෙන්නුම් කරනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට සටහන් වී ඇත්තේ ඩොලර් 92 යි ශත 42 ක් ලෙසයි. ඩබ්ලිව් ටී අයි බොරතෙල් මිල ඩොලර් 85 යි ශත 98 ක් ලෙස දැක්වෙනවා.

Read More
Lanka Latest news site

ඉන්ධන ටැංකිවලට ජලය මිශ්‍ර වෙලා

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිවේදනයක් ඊයේ (19) දිනයේ කොළඹ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් වෙත රැගෙන ආ ඉන්ධන ටැංකි රථයක යම් ජලය ප්‍රමාණයක් මිශ්‍ර වී තිබීම පිළිබඳව කරුණු පැහැදිළි කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එම සිදුවීම සම්බන්ධයෙන් වහාම පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින්…

Read More
Back To Top