ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය ජාත්‍යන්තරයේ පැසසුමට

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය පිළිබද ජාත්‍යන්තරයේද ඉහළ පැසසුමට ලක්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ එවැනි තත්වයක් තුළ එන්නත්කරණ ක්‍රියාවලිය අප්‍රසාදයට ලක්කිරීමේ අරමුණකින් යම් දේශපාලන කණ්ඩායමක් ක්‍රියා කරන්නේදැයි සැක මතුවන බවයි. අමාත්‍යවරයා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,

Read More
ඇඟලුම්

සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත භාණ්ඩ ලක්සල-ඇමරිකාවේ මියාමි හි පළමු විදේශීය බලයලත් වෙළඳසැල විවෘත කිරීමට අත්සන් තබයි

දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන් විසින් නිෂ්පාදනය කරන ලද ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත භාණ්ඩ ප්‍රවර්‍ධනය කිරීම සඳහා ලක්සල-ඇමරිකාවේ මියාමි හි පළමු විදේශීය බලයලත් වෙළඳසැල විවෘත කිරීම සඳහා වූ ගිවිසුම ඊයේ දිනයේ දී අත්සන් කොට තිබෙන බව වාර්තා වේ. ෆ්‍රැන්චයි, බූම් ලංකා බතික් සහ Gifts LLC-ඇමරිකා එක්සත් ජනපදයේ සභාපති සුධර්මා වර්ණකුලසූරිය සහ ෆ්‍රැන්චයිසර් ශ්‍රී ලංකා හස්ත…

Read More
Iraj Weerathna

ආණ්ඩුවේ පිරිස් සිදු කරන පිස්සු වැඩවලට අපිට වග කියන්න බෑ – ඉරාජ් වීරරත්න

ඉකුත් ජනාධිපතිවරණයේදී වෙනසක් අවශ්‍ය වූ බැවින් වත්මන් ජනාධිපති වෙනුවෙන් වැඩ කොටසක් සිදු කළ බව ඉරාජ් වීරරත්න පවසනවා. කෙසේ වෙතත් මේ වන විට ආණ්ඩුවේ පිරිස් සිදු කරන පිස්සු වැඩ වෙනුවෙන් තමන්ට වගකීමක් භාරගත නොහැකි බවයි ඉරාජ් වීරරත්න ප්‍රකාශ කරන්නේ. ඉදිරියේදී ජනාධිපතිවරයා වෙනසක් සිදු කරනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවත් ඉරාජ් වීරරත්න වැඩිදුරටත් සඳහන් කරනවා.

Read More

ඉදිරි දෙසතිය තුළ සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 125 කට ලබාදීමට කටයුතු කරනවා – ලසන්ත අලගියවන්න

ඉදිරි දෙසතිය තුළ සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 125 කට පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. ඉදිරි සතිය තුළ දැනට ඇති මිල වැඩිවීම අඩු කිරීමට පියවර ගන්නා බවත් මේ අවස්ථාවේ සීනි සඳහා පාලන මිලක් නොමැති නිසා වැටලීම් කිරීමට හැකියාවක් නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ප්‍රයෝගිකව සිදු කළ නොහැකි දෑ සම්බන්ධයෙන්…

Read More
Iraj Weerathna

ඉරාජ් ජාතික තරුණ ​සේවා සභා​වේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකත්වයෙන් ඉල්ලා අස්වෙයි

ජනප්‍රිය සංගීතඥයෙක් වන ඉරාජ් වීරරත්න ජාතික තරුණ ​සේවා සභා​වේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ඉරාජ් වීරරත්න වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ, පෞද්ගලික කාරණාවක් මූලික කරගනිමින් තමන් මෙම තීරණය ගත් බවත්, හැකි සෑම අවස්ථාවකම ඕනෑම දෙයකට සහය දක්වන බවයි.

Read More
afgenisthan

ඇෆ්ගනිස්ථානයේ සිටි ශ්‍රී ලාංකිකයන් 18 ක් දිවයිනට

ඇෆ්ගනිස්ථානයේ ගැටුම් හමුවේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු ඊයේ (24) රාත්‍රීයේ දිවයිනට පැමිණ ඇති බව කටාර් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

Read More
Mangala

මංගල සමරවීර අභාවප්‍රාප්ත වෙයි

කොරෝනා ආසාදිතව සිටි හිටපු අමාත්‍ය මංගල සමරවීර අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.මිය යන විට ඔහු 65 වන වියේ පසුවුනා.

Read More
ඇස්ට්‍රා සෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 07ක් අද දිවයිනට!

ඇස්ට්‍රා සෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 07ක් අද දිවයිනට!

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සඳහා අවශ්‍ය එන්නත් තොග අද දිනයේ මෙරටට ලැබීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඔහු කියා සිටියේ එන්නත් මාත්‍රා ලක්ෂ 7 ක් එහිදී මෙරටට ලැබීමට නියමිත බවයි. මෙරට ජනතාවට පළමුවෙන් ලබාදුන්නේ ඇස්ට්‍රාසෙනිකා එන්නතයි. එහි පළමු මාත්‍රාව පුද්ගලයින් නව ලක්ෂ 25,242 දෙදෙනෙකුට ලබාදී තිබෙනවා. එහි දෙවන මාත්‍රාව ලබා…

Read More
rajya-sewaya

සඳුදා සිට සියළු රාජ්‍ය සේවකයින් සේවයට කැඳවයි – ජනාධිපති ලේකම් රාජ්‍ය පරිපාලනයට දැනුම්දෙයි!

ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එන්නත්කරණයට ලක්විය යුතු ජනගහණයෙන් ඉහළ ප්‍රතිශතයකට මේ වන විට එන්නත්කරණය සිදුකර තිබේ. රාජ්‍ය සේවකයන් බහුතරයක් ද එන්නත්කරණයට ලක්කර ඇති බැවින්, රාජ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට ප්‍රමුඛත්වය දිය යුතුව ඇත. එම නිසා කොවිඩ් සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට යටත්ව 2021 අගෝස්තු මස 02 වනදින(සඳුදා) සිට සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි…

Read More
Anka thadu

වාහන අංක තහඩු තැපෑලෙන් නිවසටම

තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළ දැමීම සඳහා රජය මගින් නව වැඩපිළිවෙලක් සැලසුම් කර තිබේ. ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරන්නේ මෙහි පළමු පියවර වශයෙන් වාහන අංක තහඩු තැපැල් මගින් බෙදාහැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බවය. තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම බිලියන 9ක් බවත් බිලියන 14ක වියදමක් පවතින බවත් පැවසේ. මහනුවර ප්‍රදේශයේ උත්සවයකදී ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස්…

Read More
Back To Top