ගාලු මුවදොර මාර්ගය භාවිතා කරන රියැදුරන්ට දැනුම්දීමක්

75 වන ජාතික නිදහස් දින උත්සවය සහ එහි පෙරහුරු පැවැත්වීම යන කාරණා නිසා යම් අවහිරතාවයන් සිදුවිය හැකිබව ගාලු මුවදොර මාර්ගය භාවිත කරන රියදුරන් වෙත පොලීසියෙන් දැනුම් දී තිබෙනවා. ඒ අනුව නිදහස් දින පෙරහුරු සහ නිදහස් දිනය දා හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ….

Read More

සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත්‍ භාර ගැනීම අද සිට

2022 සාමාන්‍ය පෙළ විභාගය සඳහා වන අයදුම්පත් අද (01) සිට එළඹෙන 28 වනදා දක්වා Online ක්‍රමවේදය ඔස්සේ පමණක් නිකුත් කිරීම් සහ භාර ගැනීම් සිදු කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. කිසිදු හේතුවක් මත එම කාලය දීර්ඝ නොකරන බවයි නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

යළිත් උද්ධමනයේ වෙනසක්

ජනවාරි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය 54.2% දක්වා අඩුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2022 දෙසැම්බර් මාසයේ උද්ධමනය පැවතියේ 57.2% ලෙසය. 2023 ජනවාරි මාසය සඳහා ආහාර උද්ධමනය පසුගිය මස පැවති 64.4% සිට 60.1% දක්වා අඩුවී තිබේ.

Read More

සේපාල් අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

ශ්‍රී දළදාව සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ  සිදුකළ බවට චෝදනා එල්ලවූ සේපාල් අමරසිංහ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. ඒ අනුව, ඔහුව පෙබරවාරි 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (31)  නියෝග කළේය. මෙම පැමිණිල්ල අද (31) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු මහතා…

Read More

බස්නාහිර ට නැවතත් අනතුරු ඇඟවීම්

මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කෙරෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. එමෙන්ම මෙම වසරේ ගතවූ දින කිහිපය තුළ පමණක් ඩෙංගු රෝගීන් 4,387දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 1,426 දෙනෙක්ම වාර්තාවී ඇත්තේ බස්නාහිර පළාතෙනි. ඒ අනුව, ජනවාරි මාසයේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 741 දෙනෙක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන්…

Read More

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් STF අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන ධර්මකීර්ති උදේනි ඉනුකා පෙරේරා නොහොත් “ඩිස්කෝ” නැමති කාන්තාව හෙරොයින් සහ තියුණු ආයුධ සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 42 හැවිරිදි කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇයගේ නිවස පරීක්ෂා කිරීමේ දී තියුණු ආයුධ 4ක් සහ ඇය සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් 14ක් සොයාගෙන ඇත. සැකකාරිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක…

Read More

තවත් ATM කාඩ්පත් වංචාවක්

පුද්ගලයින් රවටා ඔවුන්ගේ ATM කාඩ්පත්වල රහස් අංකය ලබාගෙන මුදල් ලබාගත් සැකකරුවෙකු කුරුණෑගල දී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (29) දහවල් කාලෙය්දී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු විසින් කුරුණෑගල නරගයේ පිහිටි බැංකුවල ATM යන්ත්‍ර අසල රැඳී සිටිමින් මුදල් තැන්පත් කිරීමට පැමිණෙන පුද්ගලයන් රවටා ATM කාඩ්පතෙහි රහස් අංකය ලබාගෙන ඇත. පසුව ඔහු ATM කාඩ්පත වෙනත් කාඩ්පතක් සමග…

Read More

ජාතික නිදහස් දිනය සහ එහි පෙරහුරු සඳහා විශේෂ රථ වාහන සැලැස්මක්

  75 වන ජාතික නිදහස් දින උත්සවය සහ එහි පෙරහුරු හේතුවෙන් ගාලූ මුවදොර හා ඒ ආශ්‍රිත ප්‍රදේශ වල විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි. අද (28), හෙට (29) දිනයන් සහ පෙබරවාරි මස 01 වනදා සිට නිදහස් දිනය දක්වා කාලය තුළ අළුයම පහේ සිට දහවල් 12 අතර කාලය තුළ මෙම රථ වාහන සැලැස්ම…

Read More

ශිෂ්‍යත්වය ලියූ දරුවන්ගේ මව්පියන්ට විශේෂ පණිවුඩයක්

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මත පදනම්ව දරුවන් විවිධ පීඩාවන්ට ලක් නොකිරීමට දෙමව්පියන් හෝ භාරකාර පාර්ශව වගබලාගත යුතු බව විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා පවසයි. වෛද්‍යවරයා පෙන්වාදෙන්නේ රටේ පවතින පීඩාකාරී තත්ත්වය තුළ විභාගයක ප්‍රතිඵල මත පදනම්ව දරුවන්ට මානසික පීඩා ඇති කිරිම අනාගතයේදී  අහිතකර ප්‍රතිඵල ඇතිකරන්නක් බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා, “ශිෂ්‍යත්ව විභාගය…

Read More

ඝාතන සිද්ධියකට සැකපිට කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 11ක් අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු කෝපායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 21 වනදා එම ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනයේදී ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. සැකකරුවන් සතුව තිබී ඝාතනය සදහා යොදාගන්නා ලද තියුණු ආයුධ ඇතුළු මොට ආයුධ කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් අවුරුදු 14ත්…

Read More
Back To Top