පකිස්තානයේ ප‍්‍රභල භූකම්පනයක්.. අසල රටවලටද දැනේ..

පාකිස්තාන හා ඇෆ්ගනිස්ථාන දේශසීමාවේ රික්ටර් පරිමාණ ඒකක 6.8 ක ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් සිදුවී තිබේ. මේ වන විට එම භූමිකම්පාවෙන් තුන් දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර එම සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ද සඳහන්ය.

Read More
Finland

ෆින්ලන්තය යළිත් ලොව සතුටින්ම සිටින රට වෙයි

ලොව සතුටින්ම සිටින රටවල් ලැයිස්තුව එළිදක්වා තිබෙනවා. ඒ අනුව මෙවර ද එහි පළමුවන තැන  ෆින්ලන්තයට හිමිව ඇති අතර මෙවර ඔවුන් ලොව සතුටින්ම සිටින රටවල්  අතර ප්‍රථම ස්ථානයට පත්වූයේ 6 වන වරටයි. මෙම ලැයිස්තුවේ විශේෂත්වය වන්නේ යුරෝපයේ නියෝජනය කරන රටවල් අටක්ම  පළමු රටවල් 10 අතරට පැමිණ තිබීමයි

Read More

තවත් භූ කම්පනයක්

පැපුවා නිව් ගිනියාවේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපකයේ ඒකක 6.5 ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පනය හටගෙන ඇති බවය. මෙම භූ කම්පනය සැතපුම් 362ක් වු ගැඹුරකින් හටගෙන ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ද සදහන් කර තිබේ. භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ…

Read More

කොරෝනා වෛරසය එළියට ආ හැටි ?

කොරෝනා වෛරසය පරිසරයට මුසු වන්නට ඇත්තේ චීන විද්‍යාගාරයකින් බවට අමෙරිකානු බුද්ධි අංශ විටින් විට පැවසීය. නමුත් අමෙරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව එම බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් මූලික තක්සේරුවක් සිදුකර තිබුණි. එහි දැක්වෙන්නේ කොරෝනා වෛරසය චීන විද්‍යාගාරයකින් නිකුත්වූ බවට පැවසෙන කරුණ සම්පූර්ණයෙන් සත්‍ය බවට අනුමාන කිරීම අපහසු බවය. බුද්ධි තොරතුරක සත්‍යතාව සම්බන්ධයෙන් තක්සේරු කළ හැකිය. ඒ අඩු, මධ්‍යම සහ…

Read More

අයා ට යළි උරුම වූ සෙනෙහස

පසුගිය 06 වනදා සිරියාවට බලපෑ භූ කම්පනයෙන් කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතරදී බිහිවූ දැරිය පිළිබඳව ලෝකයේම අවධානය යොමුවිය. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අයා නම් මෙම දැරිය හදාවඩා ගැනීම සඳහා ඇයගේ ඥාතියෙකු වෙත භාරදීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇති බවය. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ DNA පරීක්ෂාවකින් පසුව දැරියගේ මවගේ ඥාති කාන්තාවක වෙත දැරිය භාරදීමට රෝහල්…

Read More

දකුණු ඉන්දියාව හිනැස්සු තරුවක් හඳවත් හඬවා නිවී යයි

සුප්‍රකට ඉන්දියානු දෙමළ විකට නළුවෙකු වන ආර් මයිල්සාමි හෘදයාබාධයකින් මියගොස් තිබෙනවා. දෙමළ චිත්‍රපට 200 කට වඩා වැඩි ප්‍රමාණයකට දායකත්වය ලබා දී ඇති ඔහු ඊයේ මියයනවිට 57 වියේ පසුවුණා. මයිල්සාමි හොඳම විකට නළුවා මෙන්ම තමිල්නාඩු ප්‍රාන්ත චිත්‍රපට සම්මානය ද දිනා ගෙන තිබෙනවා.

Read More

කොවිඩ් පරාජය කළ බව චීනය නිවේදනය කරයි

තමන් කොවිඩ් -19 වසංගතය පරාජය කළ බව කොවිඩ් – 19 තිඹිරිගෙය වූ චීනය අද (17) නිවේදනය කළේය. ඒ, එරට කොවිඩ් – 19 හා සම්බන්ධ සංඛ්‍යාලේඛනවල නිරවද්‍යතාව පිළිබඳ පවතින ගැටලු සහගත බව මැදය. පසුගිය දෙසැම්බර් මාසයේ දී ද කොවිඩ් සීමා ලිහිල් කිරීමෙන් පසු එරට කොවිඩ් මරණ සහ රෝගීන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබුණි. කෙසේ වුවද…

Read More

සේවකයන් ඉවත් කර සකර්බර්ග්ගේ ආරක්‍ෂාව තර කෙරේ

මාක් සකර්බර්ග්ගේ සහ පවුලේ අයගේ ආරක්‍ෂාව සඳහා සමාගම වාර්ෂිකව ඔහු වෙත ගෙවන ආරක්ෂක  දීමනාව ඇමරිකානු ඩොලර් මිලියන 14 ක් දක්වා වැඩි කර ඇති බව වාර්තා වෙනවා. ඔහුට ගෙවන මෙම දීමනාවට අමතරව සකර්බර්ග්ට ආරක්‍ෂාව සැපයීම සඳහා සමාගම තවත් අති විශාල මුදලක් වැය කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ලෝකයේ ප්‍රධාන සමාගම් බොහොමයක ප්‍රධානීන් වෙනුවෙන් දරන ආරක්‍ෂක…

Read More

මාලදිවයිනත් මිහිමතින් තුරන්වීමේ අවදානමක ?

සාගර ජල මට්ටම මීටර් 3 කින් පමණ ඉහළ යනු ඇතැයි ඇමෙරිකන් සහ බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ අනතුරු අඟවනවා. ඒ මේවන විට ඇන්ටාක්ටිකාවේ යෝධ ග්ලැසියරයක් වේගයෙන් දියවීමට පටන් ගෙන තිබීම හේතුවෙන්. සාගර ජල මට්ටම ඉහළ යෑම  මාලදිවයින් වැනි කුඩා දූපතවලට තර්ජනයක් වන බවයි ඔවුන් පවසන්නේ. දියවීමට පටන්ගෙන ඇත්තේ, කිලෝ මීටර් 120 ක් පළල ‘ත්වේට්ස්’ නමැති යෝධ ග්ලැසියරයක් වන…

Read More

නවසීලන්තයේ භූ කම්පනයක්

නවසීලන්තයේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එහි අගය රික්ටර් මාපකයේ 6.1ක අගයක් ගන්නා බව එම වාර්තා වැඩිදුරටත් පවසයි. භූ කම්පනයෙන් වෙලිංටන් නගරයේ සුළු සෙලවීමක් තත්පර කිහිපයක කාලයක් සිදුව ඇති බවද එම වාර්තා වැඩිදුරටත් පවසයි.

Read More
Back To Top