
නවසීලන්තයේ භූ කම්පනයක්
නවසීලන්තයේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එහි අගය රික්ටර් මාපකයේ 6.1ක අගයක් ගන්නා බව එම වාර්තා වැඩිදුරටත් පවසයි. භූ කම්පනයෙන් වෙලිංටන් නගරයේ සුළු සෙලවීමක් තත්පර කිහිපයක කාලයක් සිදුව ඇති බවද එම වාර්තා වැඩිදුරටත් පවසයි.