
රෙඩ් වින්ග්ස් මත්තල ට
රුසියාවේ “රෙඩ් වින්ග්ස්” ගුවන් සේවය අද (29) ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කළේය. ඒ අනුව සංචාරකයින් 398ක් රැගත් එම ගුවන් සේවයට අයත් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ට අද පැමිණි බව අප වාර්තාකරු පැවසීය. සංචාරක අමාත්‍යංශය පැවසුවේ, “රෙඩ් වින්ග්ස්” ගුවන් සේවය සතියකට දෙවරක් මත්තල ගුවන් තොටුපොළට ගුවන් ගමන් ඇරඹූ බවය.