ඉන්දු – ලංකා පළමු විස්සයි විස්ස තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (03) පැවැත්වීමට නියමිතය. වංකඩේ ක්‍රිඩාංගණයේ පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය හර්දික් පාණ්ඩ්‍යාට හිමිව ඇති අතර රෝහිත් ෂර්මා, විරාත් කෝලි, රවීන්ද්‍ර ජඩේජා, බූනේෂවර් කුමාර්, රවිචන්ද්‍රන් අෂ්වින් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් විවිධ හේතුන් මත…

Read More

ආනයන අපනයන සඳහා නව ගැසට්ටුවක්

ආනයන අපනයන ක්ෂේත්‍රවල භාණ්ඩ රැසක් සඳහා නව එච්.එස් කේත හඳුන්වාදීමේ ගැසට් නිවේදනයක් නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ භාණ්ඩ 142 ක් සඳහා එම එච්.එස්.කේත හඳුන්වාදීමට කටයුතු කරන බවය. ජනවාරි මස පළමුවනදා සිට බලපැවැත්වෙන පරිදි ආනයන අපනයන ක්ෂේත්‍රවල භාණ්ඩ 142ක් සඳහා අදාළ එච්.එස් කේත…

Read More

රාජ්‍ය සේවකයින්ට පරිපාලන ලේකම්ගෙන් අනතුරු ඇඟවීමක්

කාර්යාල වේලාවන්වලදී රාජ්‍ය සේවකයින් විසින් ජංගම දුරකථන භාවිත කිරීමේදී සැලකිමත්විය යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා පවසයි. 2023 වන වසරේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ලේකම්වරයා ඒ බව සඳහන් කළේය. “විශේෂයෙන්ම තමුන්ගේ දුරකථනය වෙන්නට පුළුවන් නමුත් උදේ පටන් ගත්තාම ඒකේ ෆේස්බුක්, වට්ස්ඇප් මැසේජ් බල බල ඉන්න එපා. ඒකේ…

Read More

ඒ ආදරය තමයි මට තියෙන ලොකුම ශක්තිය

ගායනා කරපු ගීත සියල්ලම හරහා ශ්‍රාවක හදවත් දිනාගන්න සමත්වුණ සුන්දර රුවකට හිමිකම් කියන දක්ෂ ගායිකාවක් තමයි කාංචනා අනුරාධි කියන්නේ, ඒ වගේම වර්ථමානයේ ඉන්න ජනප්‍රිය ගායිකාව විදියටත් කාංචනා හඳුන්වන්න පුළුවන්, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝගෙම ආදරේ අඩුවක් නැතුව දිනාගෙන ඉන්න කාංචනා අනුරාධි සමග, කාංචනා දැන් ගොඩක් කාර්යබහුල වෙලා නේද..? මොකද කරන්නේ මේ…

Read More

සංගක්කාර විසින් Sanju Samsonට ඉන්දීය පිතිකරණ ලැයිස්තුවේ තැනක් සොයයි

හෙටින් (03) ආරම්භ වීමට නියමිත ඉන්දු – ලංකා විස්සයි විස්ස තරගාවලියට නම් කළ ඉන්දීය සංචිතයේ සිටින කඩුලු රකින පිතිකරු Sanju Samsonගේ පිතිකරණය ස්ථානය පිළිබඳ හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර විසින් අදහස් දක්වා තිබෙනවා. නිමා වූ නවසීලන්ත සංචාරයේ එක්දින තරග සඳහා Samson තෝරා ගත්ත ද, ඉන්පසුව පැවති බංග්ලාදේශ සංචාරය සඳහා ඔහුව තෝරා ගැනුණේ නැහැ. නමුත්…

Read More

රාජ්‍ය සේවකයින් ට ජනපතිගෙන් විශේෂ පණිවුඩයක්

2023 වසර අවසන් වන විට රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට සහ ගැටලු විසඳීමට නව ක්‍රමවේදයන් හඳුන්වා දෙමින් මුළු රජයම එකම යාන්ත්‍රණයක් ලෙස ක්‍රියා කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති විශේෂ වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා, සියලුදෙනාටම සුබ නව වසරක් වේවා !…

Read More

ඉන්දීය සංචාරයට පෙර ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව පත්කිරීමක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙස ක්‍රිස් ක්ලාක් අයන්ස් පත්කර තිබේ. වසර දෙකක ගිවිසුම් කාලයකට යටත්ව ඊයේ (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු පත් කර ඇති බව වාර්තා වේ. ක්‍රිස් ක්ලාක් අයන්ස් මීට පෙර එංගලන්ත කණ්ඩායමේ සහ එසෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ විද්‍යා හා වෛද්‍ය ප්‍රධානියා මෙන්ම ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙසද…

Read More

රියදුරු බලපත්‍රයට සිදුවන අලුත්ම වෙනස

ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙල මේ වසරේ සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නව ක්‍රමවේදයන් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එම අදහස් පළ කළේය. “පූර්ණ ශ්‍රවණාබාධිත අයට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ නියමු ව්‍යාපෘතිය රට පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා…

Read More

මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරගාවලියේ ශුරතාව ශ්‍රී ලංකාවට

බංග්ලාදේශයේ පැවැති මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරගාවලියේ ශුරතාව ශ්‍රී ලංකාව දිනා ගනියි. නේපාල කණ්ඩායම පරදවා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වට දෙකයි බින්දුවක ජයක් වාර්තා කළේය. දීපිකා බණ්ඩාර සහ චතුරිකා මධුෂාණි ඊයේ පැවැති අවසන් මහ තරගයේදී දක්‍ෂතා දැක්වුහ. තක්‍සිලා ගුණසිංහ මෙනවිය එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළාය.

Read More

මම රුවන්වැලි සෑය වඳින්න ගියා එතනදී මාර වැඩක් වුනේ

මේ දවස්වල හැමෝම වගේ ගොඩක්ම ආසාවෙන් බලන ටෙලිනාට්‍යක් තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වෙන ‘පාර දිගේ’ ටෙලිනාට්‍ය, ඉතින් මේ නාට්‍යය හරහා හැමෝගෙම අවදානය දිනාගන්න සමත්වුණ චරිතයක් තමයි ඩාර්ලින් අක්කා, කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ ඩාලින් අක්කගේ චරිතයට පන පොවන්නේ දක්ෂ රංගන ශිල්පිනියක වන චන්දිමා කරුණාදාස විසින්, ඉතින් අපි අද අපේ කතාබහට තෝරාගත්තේ ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන…

Read More
Back To Top