Iraj Weerathna

ආණ්ඩුවේ පිරිස් සිදු කරන පිස්සු වැඩවලට අපිට වග කියන්න බෑ – ඉරාජ් වීරරත්න

ඉකුත් ජනාධිපතිවරණයේදී වෙනසක් අවශ්‍ය වූ බැවින් වත්මන් ජනාධිපති වෙනුවෙන් වැඩ කොටසක් සිදු කළ බව ඉරාජ් වීරරත්න පවසනවා. කෙසේ වෙතත් මේ වන විට ආණ්ඩුවේ පිරිස් සිදු කරන පිස්සු වැඩ වෙනුවෙන් තමන්ට වගකීමක් භාරගත නොහැකි බවයි ඉරාජ් වීරරත්න ප්‍රකාශ කරන්නේ. ඉදිරියේදී ජනාධිපතිවරයා වෙනසක් සිදු කරනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවත් ඉරාජ් වීරරත්න වැඩිදුරටත් සඳහන් කරනවා.

Read More
Iraj Weerathna

ඉරාජ් ජාතික තරුණ ​සේවා සභා​වේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකත්වයෙන් ඉල්ලා අස්වෙයි

ජනප්‍රිය සංගීතඥයෙක් වන ඉරාජ් වීරරත්න ජාතික තරුණ ​සේවා සභා​වේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ඉරාජ් වීරරත්න වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ, පෞද්ගලික කාරණාවක් මූලික කරගනිමින් තමන් මෙම තීරණය ගත් බවත්, හැකි සෑම අවස්ථාවකම ඕනෑම දෙයකට සහය දක්වන බවයි.

Read More
Back To Top