
තවත් පොහොර නැවක් කොළඹට
මියුරේට් ඔෆ් පොටෑෂ් පොහොර මෙට්‍රික් ටොන් 41,678ක් රැගත් නෞකාව කොළඹ වරායට සේන්දු වී තිබෙනවා. මේ අතර යූරියා පොහොර මෙට්‍රික් ටොන් 16,000ක් රැගත් තවත් නෞකාවක් ද ශ්‍රී ලංකා මුහුදු තීරයට ළඟා වී තිබෙන බව වාර්තා වනවා.
මියුරේට් ඔෆ් පොටෑෂ් පොහොර මෙට්‍රික් ටොන් 41,678ක් රැගත් නෞකාව කොළඹ වරායට සේන්දු වී තිබෙනවා. මේ අතර යූරියා පොහොර මෙට්‍රික් ටොන් 16,000ක් රැගත් තවත් නෞකාවක් ද ශ්‍රී ලංකා මුහුදු තීරයට ළඟා වී තිබෙන බව වාර්තා වනවා.
2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඊයේ පැවති තරගයකින් පෘතුගාලය පරදා ගෝල දෙකට එකක් ලෙස ජය වාර්තා කිරීමට දකුණු කොරියාව සමත්වුණා. එමෙන් ම සර්බියාව ගෝල තුනට දෙකක් ලෙස පරාජයට පත් කිරීමට ස්විට්සර්ලන්තය ඊයේ සමත්වුණා.මේ අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ වටයට නෙදර්ලන්තය, ඇමරිකාව, ආජන්ටිනාව, ඔස්ට්‍රෙලියාව, ප්‍රංශය, පෝලන්තය, එංගලන්තය, සෙනෙගාල්, ජපානය, ක්‍රොඒෂියාව, බ්‍රසීලය, දකුණු කොරියාව,…
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නොවැම්බර් මාසයේදි ණය අයකර ගැනීම හා දේපළ බැහැර කිරිම තුළින් රුපියල් මිලියන 303ක ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබුනු බව එම අධිකාරිය පවසනවා. එහි සභාපති රජීව් සූරියආරච්චි මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ රට තුළ පැවති අරගලකාරී තත්ත්වය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ණය අයකර ගැනීම් පහත වැටී…
විදෙස්ගත ඉන්දීය ජාතිකයින් විසින් ඔවුන්ගේ මව් රටට මෙම වසරේදී ඩොලර් බිලියන 100ක පමණ ප්‍රේෂණ එවනු ඇති බවට ලෝක බැංකුව පවසයි. ලොව එක් රටකට එවැනි විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබෙන පළමු අවස්ථාව මෙය බව එම වාර්තාවේ සඳහන් වෙයි. එම වර්ධනයට හේතුවී ඇත්තේ අමෙරිකාව ඇතුළු අනෙකුත් සංවර්ධිත රටවල රැකියා වෙළෙඳපොළවල වැටුප් වැඩිවීම බව සඳහන් ය. එම වාර්තාවේ…
පසුගිය නොවැම්බර් මාසයේ දී මෙරටට විදෙස් සංචාරකයින් 59,759 ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. මේ අනුව 2022 මුල් මාස 11 තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන මුළු සංචාරකයින් ප්‍රමාණය 628,017 ක් බවයි සඳහන් වන්නේ. නොවැම්බර් මාසය තුළ වැඩිම සංචාරකයින් පැමිණි රටවල් අතර රුසියාව, ඉන්දියාව, ජර්මනිය, එක්සත් රාජධානිය හා ඔස්ට්‍රේලියාව පෙරමුණේ පසුවනවා.
රට තුළ තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් තොරතුරු තාක්ෂණවේදීන් රට හැර යන බව ශ්‍රී ලංකා පරිගණක සංගමය පවසයි. එම සංගමයේ සභාපති දමිත් හෙට්ටිහේවා මහතා පෙන්වා දෙන්නේ දැනටමත් තොරතුරු තාක්ෂණවේදීන් 10,000ක් පමණ රට හැරගොස් ඇති බවය. “ලෝකයේ සෑම රටකම මේ වෙනකොට ඩිජිටල් පරිවර්තනයක් සිදුවෙනවා. ඒ නිසා තොරතුරු තාක්ෂණවේදීන් ඉතා විශාල පිරිසක් ඒ රටවල්වලට අවශ්‍යයි.” “කොවිඩ්…
අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය හෙවත් “අලි පොත” අධිකරණයට ඉදිරිපත්කරන ලෙස අභියාචනාධිකරණය විසින් කොළඹ මහාධිකරණය රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර තිබෙනවා.ඒ, අලි ඇතුන් ලියාපදිංචි කිරීම සඳහා රජය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් අද (02) කැඳවනු ලැබූ අවස්ථාවේ දීයි. පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් ඉදිරිපත් කළ අදාළ…
2022 LPL තරගාවලියට එක්වන තරග තීරකවරුන් සහ විනිසුරුවරුන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව තරග තීරකවරුන් සිව්දෙනෙකු සහ තරග විනිසුරුවරුන් 11 දෙනෙකු මෙවර LPL තරගාවලියට එක්වීමට නියමිතය. රටම බලා සිටින ශ්‍රී ලාංකේය සුපිරි ක්‍රිකට් සැණකෙලිය, මෙවර LPL තරගාවලියේ නිල විකාශන අයිතිය හිමිව ඇත්තේ අද දෙරණ 24 නාලිකාවටය. මෙවර LPL තරගාවලියට එක්වන තරග තීරකවරුන් පහතින්. ග්‍රැහැම්…
ලබන සඳුදා සිට යූරියා හා බණ්ඩි පොහොර ගොවීන් අතර බෙදාහැරීම ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සෙනසුරාදා දිනයේ සහ ඉරිදා දිනයේ පොහොර නැව් දෙකක් පැමිණෙන බවත් සඳුදා දිනයේ සිට බෙදාහැරීම ආරම්භ කරන බවයි. ඒ අනුව සෑම ප්‍රදේශයකටම පොහොර ලබාදෙන බවත් ගොවීන්ට කිසිඳු අඩුවකින් තොරව…
T20 ලෝක කුසලානය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් වාර්තා වූ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා 6 දෙනෙකුගෙන් යුත් විමර්ශන කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව 2022.10.16 වන දින සිට 2022.11.13 වන දින දක්වා ඕස්ට්‍රේලියාවේ පැවැත් වූ T20 ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී…