උසස් පෙළ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

  2021 උසස්පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. ඒ අනුව www.ugc.ac.lk වෙබ් අඩවිය හරහා කඩඉම් ලකුණු ලබාගැනීමේ හැකියාව පවතිනවා.

Read More

පාසල් නිවාඩුව ගැන රජයෙන් විශේෂ දැනුම්දීමක්

  පාසල් වාර අවසන් කිරීම හේතුවෙන් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට නිවාඩු දිනයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. 2022 වසරේ දෙවන පාසල් වාරය අදින් (01) අවසන් වන අතර තෙවන පාසල් වාරය ලබන 05 වන සඳුදා දිනයේ ආරම්භ කිරීමට නියමිතය. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ ඒ අනුව හෙට දිනය රජයේ සහ රජයේ…

Read More

ලෝක ඒඩ්ස් දිනය අද

  ලෝක ඒඩ්ස් දිනය අදට (01) යෙදී තිබේ. “සමානාත්මතාව සුරකිමු” යන්න මෙවර ලෝක ඒඩ්ස් දිනයේ තේමාව ය. ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ජානක වේරගොඩ මහතා සඳහන් කළේය. මේ වන විට මෙරට…

Read More

යළි විදුලි බිල ඉහළ නැංවීමට අනුමැතිය

  වත්මන් පාඩුව පියවා ගැනීම සඳහා 2023 වර්ෂයේ ජනවාරි සහ ජුනි මාසවල පියවර 2 ක් යටතේ විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න පවසනවා. යෝජිත ඉහළ නැංවීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩල නියෝජිතයින් ඊයේ (29) ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි හා මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනු කමිටුවට පැහැදිළි…

Read More

අද සිට දෛනිකව ගෑස් සිලින්ඩර් ලක්ෂයක් වෙළඳපොළට නිකුත්කරනවා – ලිට්‍රෝ සමාගම

  අද (01) දිනයේ සිට වෙළෙඳපොළ වෙත ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂය ඉක්මවා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඇනවුම් කර තිබූ ගෑස් නෞකා දිවයිනට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ වෙත ගෑස් නිකුත් කිරීම සීමා කර තිබු බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ. ඉල්ලුම් කර තිබු ගෑස් නෞකා මේ වන විට දිවයිනට…

Read More

ද්විත්ව පුරවැසි වීසා ගාස්තු අද සිට ඉහළට

  පසුගියදා සිදුකළ කාණ්ඩ කිහිපයකට අයත් වීසා ගාස්තු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා වන ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 2,000ක් දක්වා ඉහළ නංවා ඇති බවයි සඳහන් වන්නේ. එසේම ද්විත්ව පුරවැසිභාවය හිමිවන අයදුම්කරුවෙකුගේ වයස අවුරුදු 22ට අඩු දරුවෙකුට ඒ සඳහා වන ගාස්තුව ඩොලර් 500ක් ලෙස සංශෝධනය…

Read More

උණවටුනේදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට

  ගාල්ල උණවටුන ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් විදේශිකයෙක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අද (01) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති අතර බෙලිඅත්ත සිට අනුරාධපුර දක්වා ධාවනය වන රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රියේ මෙම ත්‍රීරෝද රථය ගැටී ඇති බවයි සඳහන් වන්නේ.

Read More

ඉන්ධන සංචිත ගැන අලුත් ආරංචියක් එළියට

  විනිමය හා ආර්ථික අර්බුදය හමුවේ දුර්වලව පැවැති මෙරට ඉන්ධන සංචිත මේ වනවිට ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එම සංස්ථාව සදහන් කළේ පසුගිය පෙබරවාරි මාසයෙන් පසුව ඉන්ධන සංචිත ශක්තිමත් තත්ත්වයකට පැමිණ ඇති අතර රටේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කළ හැකි ඉන්ධන සංචිත ප්‍රමාණයක් මේ වනවිට පවතින බවය. ලංකා ඛනිජ තෙල්…

Read More

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක්

  කොළඹ 11, 12, 13, 14 හා 15 යන ප්‍රදේශවලට ලබන දෙසැම්බර් මස 02 වැනිදා රාත්‍රී 10.00 සිට පසුදින (03) දවල් 01.00 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලව පවසනවා. ඒ, අඹතලේ බලශක්ති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට අදාළව නව සම්ප්‍රේශණ නල එළීම හේතුවෙන්.

Read More

මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට උපකාර කළ පුද්ගලයන් තිදෙනෙකු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමඟ හසුවෙයි

  මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට උපකාර කළ පුද්ගලයන් තිදෙනෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ ඇල්විටිවෙළ, රාගම ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.ඒ, ගෝනහේන විශේෂ කාර්ය බලකාය කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුවයි.පසුගිය 28 වැනිදා රාගම, ඇල්විටිවෙළ ප්‍රදේශයේ පිහිටි නිවසක උඩුමහලේ කාමරයක් තුළ දී සිදුකළ මෙම වැටලීමේ දී මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් පුද්ගලයන් තිදෙනෙකු…

Read More
Back To Top