
කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට
ශ්‍රි ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පළමු එක්දින තරඟය අද (25) ආරම්භ වනවා. ඒ අනුව තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ශ්‍රි ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පළමු එක්දින තරඟය අද (25) ආරම්භ වනවා. ඒ අනුව තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ශ්‍රි ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක් දින ක්‍රිකට් තරගාවලිය අද (25) ආරම්භවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පස්වරු 2.30ට ආරම්භවීමට නියමිතයි. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් 16කගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (24) නම් කළා.
ශ්‍රී ලංකා – පාකිස්තාන තරඟාවලියේදී තරඟ පාවාදීමක් සිදුවූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සිදුකළ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දැනුම්දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර තිබෙනවා. ඒ අනුව එම චෝදනාව සම්බන්ධයෙන් සොයාබලන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විරෝධී ඒකකයේ සාමාන්‍යධිකාරී ඇලෙක්ස් මාර්ෂල් ට දැනුම්දීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ….
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ සඳහා වසරක අත්හිටවූ තරඟ තහනමක් පැනවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔස්ට්‍රේලියාවේදී පැවති T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී තරඟ කොන්ත්‍රාත් ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව චාමික කරුණාරත්න විසින්…
මීළඟ IPL තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග ව තම කණ්ඩායමේ රඳවා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තීරණය කර තිබේ. මේ අතර චාමික කරුණාරත්න ව තම කණ්ඩායමෙන් නිදහස් කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තීරණය කර ඇති බව වාර්තා විය.
තමන් ක්‍රීඩා කරන කාලයේ ක්‍රියාත්මක කළ සැලසුම්වලට ක්‍රීඩා කළානම් පළමු වටයෙන්ම ඉවතට යාමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි විනිසුරුවරයෙකු වන කුමාර් ධර්මසේන මහතා පවසයි. මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ප්‍රධාන විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ කුමාර් ධර්මසේන මහතා අද උදෑසන දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය….
ඉන්දීය ප්‍රිමීය ලීග් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩසර් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රි ලාංකික තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න, කොල්කටා නයිට් රයිඩසර් සංචිතයෙන් මුදා හැරීමට එම කණ්ඩායම් කළමනාකාරිත්වය තීරණය කර තිබෙනවා. මීට අමරතර ව මෙම සංචිතයෙන් ශිවම් මාව්, පැට් කමින්ස්, සෑම් බිලිංග්ස් සහ මොහොමඩ් නබී යන ක්‍රීඩකයන් ද මූලික සචිතයෙන් මුදා හැරීමට යි කොල්කටා නයිට් රයිඩසර්…
2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර අදාළ කණ්ඩායම් සදහා ක්‍රීඩකයින් රඳවා ගැනීමට හා නිදහස් කිරීමට ලබා දී තිබූ කාලය ඊයේ (15) දිනයෙන් අවසන් වුණා. ඒ අනුව ක්‍රීඩකයින් 163 දෙනෙකු සිය කණ්ඩායම්වල රඳ්වා ගැනීමට කණ්ඩායම් 10 හිමිකරුවන් කටයුතු කර ඇති අතර ක්‍රීඩකයින් 85 ක් නිදහස් කිරීමටද කටයුතු කර තිබෙනවා. එළඹෙන ඉන්දීය ප්‍රිමියර්…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ජාත්‍යන්තර පන්දුවාර විස්ස පන්දු යවන්නන් අතර පෙරමුණට පැමිණ තිබෙනවා.ඒ ප්‍රසාද ලකුණු 704 ක් හිමිකර ගනිමින්. එහි දෙවන ස්ථානය ප්‍රසාද ලකුණු 698 ක් ලබා සිටින ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් හිමිකරගෙන ඇති අතර ඕස්ටේ්‍රලියාවේ ජොෂ් හසල්වුඩ්ට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයයි. මීට පෙර ද එක් අවස්ථාවක…
පන්දුවාර 20-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 27 වැනි තරගය අද (29) පැවැත්වෙනවා.ඒ නවසීලන්තය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතරයි. මෙරට වේලාවෙන් පස්වරු 1.30ට තරගය ඇරඹීමට නියමිත අතර, තරගය පැවැත්වෙන්නේ සිඩ්නි ක්‍රීඩාංගණයේ දියි.මේ වනවිට නවසීලන්ත කණ්ඩායම පළමු කාණ්ඩයෙන් පෙරමුණට පැමිණ ඇති අතර , ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ පස්වැනි තැනයි.