
යළිත් උද්ධමනයේ වෙනසක්
ජනවාරි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය 54.2% දක්වා අඩුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2022 දෙසැම්බර් මාසයේ උද්ධමනය පැවතියේ 57.2% ලෙසය. 2023 ජනවාරි මාසය සඳහා ආහාර උද්ධමනය පසුගිය මස පැවති 64.4% සිට 60.1% දක්වා අඩුවී තිබේ.