රාජ්‍ය සේවක වැටුප් ගෙවන්නෙ කවදාද?

රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි මස වැටුප් ලැබෙන දිනයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව විධායක නොවන සේවකයින්ගේ වැටුප ජනවාරි මස 25 වනදා ගෙවීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම විධායක නිලධාරීන්ගේ වැටුප ජනවාරි මස 25 වනදා හෝ 26 වනදා ගෙවීමට නියමිත බව ද ඒ මහතා පැවසීය.

Read More

විදේශිකයන්ගේ මුදල් සොරකම් කළ පුද්ගලයින් ති‍දෙනෙක් අත්අඩංගුවට

තිස්සමහරාම යෝධ වැව අයිනේ පිහිටි කබානා හෝටලයක නවාතැන් ගෙන සිටි විදෙස් ජාතික යුවළකගේ ඩොලර් 800ක් පැහැරගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් ති‍දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය ජනවාරි මස 19 වනදා එම විදෙස් යුවළ නිදාසිටිය දී කබානාව තුළට රිංගු සැකකරුවන් විසින් එම මුදල් සොරාගෙන ගොස් තිබුණි. ඒ අනුව සිදුකළ පරීක්ෂණ මත අද (23) අලුයම අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව…

Read More

ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

බෝම්බ බියක් හේතුවෙන් හදිසියේ ඇතැන්ස් ගුවන් තොටුපොළට ගොඩබැස්වු “රයන් එයාර්” ගුවන් යානයේ තිබි කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හමුවී නොමැති බව බ්‍රසීල ගුවන් බලධාරීන් පවසයි. පෝලන්තයේ සිට පැමිණි අදාළ යානයේ බෝම්බයක් පවතින බවට ලද නිර්නාමික පණිවුඩයක් හේතුවෙන් යානය ඇතැන්ස් ගුවන් තොටුපොළේ හුදකලා ස්ථානයකට ගොස්බස් වනු ලැබීය. ආරක්ෂක අංශ මැදිහත්ව යානයේ පරීක්ෂාවක් සිදුකර ඇති අතර එහි තිබි කිසිදු…

Read More

මම ලොකුවට පෙනුනට තාම 19යි , නිලියක් නිසා මම ජිම් යන්න හිතන් ඉන්නේ

මේ දවස්වල හැමෝම ගොඩක් ආදරෙන් නරඹන ටෙලිනාට්‍ය දෙකක් තමයි ‘දිව්‍යාදරී’ සහ ‘පාරදිගේ’ කියන ටෙලිනාට්‍ය දෙක, ඉතින් මේ නාට්‍ය හරහා රංගනයට සම්බන්ද වෙලා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නවිදි රැපියෙල් කියන්නේ, කටකාරකම වගේම ඇයගේ සුන්දර රුව නිසාම හැමෝම නවිදිට ගොඩක් ආදරෙයි, ඉතින් අපි හිතුව අද අපේ කතාබහට ඔයාලා හැමෝම ආදරේ කරන නවිදිව එකතු…

Read More

රුවන්වැලි සෑ චෛත්‍යරාජයාගේ චුඩා මාණික්‍ය සොරකම් කරලා

අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේගේ චුඩා මාණික්‍ය සොරකම් කර ඇති බව පැවසෙන සිද්ධියට අදාළව ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි. ඒ අනුව පසුගිය සතියේ දි මීට අදාළ මුලික විමර්ශනයක් සිදුකළ බව එම කොමිසම සඳහන් කළේය. මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් තිදෙනෙකු ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේ පිහිටි…

Read More

උසස් පෙළ විභාගයට පොලිස් ආරක්ශාව දැඩි කරයි

2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (23) ආරම්භ වේ. දිවයින පුරා මධ්‍යස්ථාන 2,200කදී මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව මෙවර විභාගයට පාසල් අපේෂකයින් 278,196 දෙනකු සහ පෞද්ගලික  අපේෂකයින් 53,513 දෙනකු වශයෙන් අපේෂකයින් 331,709 දෙනකු පෙනී සිටීමට නියමිතව තිබේ. අදින්…

Read More

බ්‍රිතාන්‍ය අගමැතිට පොලීසියෙන් දඩ

සිය මෝටර් රථයේ පසුපස අසුනේ ආරක්ෂක බඳ පටි භාවිතයෙන් තොරව ගමන් කිරීමේ වරදට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිශී සුනක් වෙත පොලීසිය විසින් දඩ නියම කර තිබේ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා තම මෝටර් රථයෙන් ගමන්කරමින් සිටින අතරවාරයේ සමාජ මාධ්‍ය සඳහා විඩියෝවක් මුදාහැර තිබූ අතර එහි රූප රාමුවලට අනුව ඔහු ආරක්ෂක බඳ පටි පැළඳ නොසිටි බවට අනාවරණය වී ඇත. එල්ල වූ…

Read More

මගේ කාමරේ පැය විසිහතරේම බන දාලා තියෙන්නේ, හැබැයි මම රහත්වෙලා නෑ

2023 වසර ආරම්භ වීමත් සමග කළා ලෝකයේ වැඩිම කතාබහකට ලක්වුන චරිතයක් තමයි කේ. සුජීවා කියන්නේ, ඒකට හේතුව තමයි මේ අවුරුද්ද පටන් ගත්න කොටම සුජීවා වැඩ ආරම්භකරේ රිය අනතුරක් සමග, ඉතින් මේ දිනවල හැමෝම අතර කතාවෙන මේ කතාව ගැන වගේම සුජීවාගේ ඉදිරි වැඩ ගැන කතා කරන්න අපි සම්බන්ද කරගත්තා ඇයව, සුජීවා ගොඩක් ජනප්‍රිය වුනා නේද මේ…

Read More

නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ සිදු වූ අනතුරත් සමග ගත් තීරණය

නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව තහනම් කිරීමට පියවර ගෙන තිබෙ. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවසුවේ අධික බෑවුම් සහිත එම මාර්ගයේ අනතුරු ගණනාවක් වාර්තා වීම හේතුවෙන් එම පියවර ගත් බවය. පාසල් ළමුන් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් ඊයේ (20) රිය අනතුරක් සිදුවූ අතර ඉන් පුද්ගලයින් 7…

Read More

උසස් පෙළ සිසුන්ට විෂේශ පණිවුඩයක්

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ රාත්‍රී 07.00න් පසු විදුලි කප්පාදුව සිදුනොකිරීමට තීරණය කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ විභාග දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීමකට අනුව විදුලි බල මණ්ඩලයේ ද අවශ්‍යතා මත මෙම තීරණය ගත් බවය. මේ අතර, අද (21) සහ හෙට (22) දිනවලදී ද පැය 02යි විනාඩි 20ක…

Read More
Back To Top