
මාතර – වැල්ලමඩම මුහුදේ දිය නෑමට ගිය සිසුන් 3 දෙනෙකු අතුරුදන්
මාතර – වැල්ලමඩම මුහුදු තීරයේ දියනෑමට ගිය පාසල් සිසුන් තුන්දෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. මාතර ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, මේ වන විට ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි. ඒ සඳහා නාවික හමුදාවේ ද සහය ලබාගෙන ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.