කොවිඩ් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය ගත් තීරණය

  කොවිඩ් -19 වෛරසය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් ඇති නොකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩ්නම් පවසන්නේ ලබන ජනවාරි මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කමිටුව රැස්වී ඊට අදාළ නිර්ණායක සාකච්ඡා කිරීමට නියමිත බවය. පසුව කොවිඩ් -19 වෛරසය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් ඇති නොකරන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව…

Read More

15,000කට අධික හමුදා සාමාජිකයින් පිරිසක් සේවයෙන් ඉවත්වීමට ඉල්ලයි

  ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය තුළ 15,000කට අධික හමුදා සාමාජිකයින් පිරිසක් සේවයෙන් ඉවත්වීමට ඉදිරිපත් වී සිටී. නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට පසුගිය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 31 වන දින දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කළේය. ඒ…

Read More

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කරමින් ගැසට් නිවේදනයක්

  වෛද්‍යවරුන් අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව විශේෂඥ වෛද්‍ය නිලධාරී, රජයේ වෛද්‍ය නිලධාරී, දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරී, රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරී යන…

Read More

ඉදිරි දින කිහිපය තුළ කාලගුණයේ වෙනසක්

  දිවයිනේ උතුරු , උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනය වීමක් ඉදිරි දින කිහිපය තුළ 17වන දින සිට අපේක්ෂා කරයි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙන බවය. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත…

Read More

Elon Musk ට ලොව ධනවත්ම පුද්ගලයාගේ ස්ථානය අහිමිවෙයි

  Elon Musk ලොව ධනවත්ම පුද්ගලයා ලෙස මෙතෙක් තිබූ ස්ථානය අහිමිවී ගොස් ඇති විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ටෙස්ලා මෝටර් රථ නිෂ්පාදන සමාගමෙහි කොටස් මිල වේගයෙන් පහළ යෑමත් සමඟ මෙම තත්ත්වය සිදුව ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව Forbes සහ Bloomberg වාර්තාවලට අනුව Elon Musk අභිබවා LVMH සමාගමේ ප්‍රධාන විධායක වන Bernard Arnault සමත්ව ඇති බවයි…

Read More

පොත් සහ පාසල් උපකරණවල මිල වෙනස් කරන ජාවාරමක්

  පවතින මිල ගණන් වෙනස් කරමින් අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ අලෙවිකරන වෙළඳුන් සොයා අඛණ්ඩව වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. දිවයිනේ විවිධ ප්‍රදේශවල අභ්‍යාස පොත් සහ පාසල් උපකරණවල සටහන් කර ඇති මිල ගණන් වෙනස් කරමින් පවතින මිලට වඩා වැඩි මිලට ඒවා අලෙවි කරන බවට තොරතුරු වාර්තා වී ඇති බව එම අධිකාරිය සඳහන්…

Read More

සාවියා පටුමගේ ඝාතකයන් කොටුවෙයි

    මට්ටක්කුලිය, සාවියා පටුමඟේ දී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 4දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. ඉකුත් 28 වනදා එලෙස ඝාතනයට කර තිබුණේ මට්ටක්කුලිය සාවියා පටුමඟ ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් ෆර්හාන් නමැති  ව්‍යාපාරිකයෙකු බව පොලීසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 හා 34 අතර පසුවන බොරැල්ල…

Read More

ගම්පහ ජනතාවට සෞඛ්‍ය අංශයෙන් දැනුම්දීමක්

  මේ මස ගත වූ දින කිහිපය තුළ ඩෙංගු රෝගින් වාර්තා වීම ඉහළ ගොස් තිබේ. පවතින වර්ෂාපතන තත්ත්වයත් සමග එම රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය. ඒ අනුව මේ දක්වා කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රෝගින් 3,200 දෙනෙකු වාර්තා වී තිබේ. ඒ අතරින් වැඩි රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන්…

Read More

උපකාරක පංති තහනම්

  මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (14) මධ්‍යම රාත්‍රී සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ශිෂ්‍යත්ව විභාගය ලබන 18 වනදා පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සම්පාදනය කර ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය. විභාගය අවසන් වන තෙක් විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ…

Read More

බස්නාහිර පළාත ට තවත් කරදරයක්

  බස්නාහිර පළාත තුළ වනසතුන් නිවෙස් කරා ඇදී ඒමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. අනෙකුත් පළාත්වලට සාපේක්ෂව බස්නාහිර පළාත තුළ නාගරීකරණය ඉහළ යාම හේතුවෙන් සත්ත්ව වාසස්ථාන අහිමි වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එමෙන්ම ඇතැම් පුද්ගලයින් විසින් අනවසරයෙන් රක්ෂිත ප්‍රදේශ අත්පත් කරගෙන ඒවා එළිපෙහෙලි කිරීම ද මෙයට ප්‍රධාන හේතුවක් බව…

Read More
Back To Top