පුහුණුව අතරතුර සෙබළෙක් මියයයි

  කොකාවිල් ප්‍රදේශයේ පිහිටි යුද හමුදා පුහුණු කඳවුරක පුහුණුවීම් අතරතුර සිදුවූ අනතුරකින් හමුදා සෙබළෙකු මියගොස් තිබේ. පුහුණුවීම් අභ්‍යාසයක නිරතව සිටියදී යුද ටැංකියක ගැටීමෙන් ඔහු අනතුරට ලක්ව ඇති බව පොලීසිය පැවසුවේ. අනතුරින් බරපතළ තුවා ලැබූ හමුදා සෙබළා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. මියගොස් ඇත්තේ 19 හැවිරිදි තඹුත්තේගම සිරිමාපුර ප්‍රදේශයේ පදිංචිව සිටි යුද හමුදා සෙබළෙකි. අනතුර…

Read More

චීනයෙන් කොළ එළියක්

  බාහිර ණය අර්බුදය නිසා පීඩාවිඳින ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවල් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ප්‍රධානීන්ට චීනය විසින් ආරාධනා කර ඇති බව චීන විදේශ අමාත්‍යංශය පවසයි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජීවා සහ ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්පාස් ට මෙම සතියේ බෙයිජිං නුවරට පැමිණෙන ලෙස ආරාධනා කර…

Read More

ආන්දෝලනාත්මක නව නීතිය මෙන්න

  ඉන්දුනීසියාවේ සම්මත කර ඇති නව නීතියක් සම්බන්ධයෙන් මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ. එම නීතිය වන්නේ විවාහයෙන් හෝ නීත්‍යානුකූල ලෙස එකට සිටින යුවළ හැරුණුකොට වෙනත් අයට ලිංගිකව එක්වීම තහනම් කිරීමයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මේ වනවිට අදාළ නීතිය සම්මත කර ඇති බවය. එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම…

Read More

වකුගඩු ජාවාරමේ ප්‍රධාන තැරැව්කරු අත්අඩංගුවට

  වකුගඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන තැරැව්කරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ඊයේ (05) පස්වරුවේ එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවය. අත්අඩංගුවට ගත් සැකකරු 41 හැවිරිදි මට්ටක්කුලිය කජිමාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය. එම සැකකරු විසින් වකුගඩු මුදලට විකිණීමේ ජාවාරමේ ප්‍රධාන තැරැව්කරුවෙකු ලෙස කටයුතු කර ඇති අතර වකුගඩු ලබාදෙන පුද්ගලයින්…

Read More

LPL තරගාවලිය අද සිට ඇරඹෙයි

  ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ තුන්වන අදියර අද (06) සිට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මට්ටමේ එකම දේශීය ක්‍රිකට් තරගාවලිය වන මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 05ක් එක්ව සිටී. කලම්බු ස්ටාර්ස්, ජැෆ්නා කිංග්ස්, ගෝල්ඩ් ග්ලැඩියේටර්ස්, කැන්ඩි ෆැල්කන්ස් සහ දඹුල්ල අවුරා යන කණ්ඩායම් මෙවර LPL තරගාවලිය සඳහා තරග වදින අතර මෙම සෑම කණ්ඩායමකටම…

Read More

චීන ගගනගාමීන් තිදෙනෙකු පෘථිවියට

  චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස 6ක පමණ කාලයක් මෙහෙයුම්වල නිරතව සිටි ගගනගාමීන් තිදෙනෙකු නැවත පෘථිවියට පැමිණ තිබේ. චීනය විසින් ඉදිකළ Tiangong අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අවසන් ඉදිකිරීම් අධීක්ෂණය සඳහා ඔවුන් පසුගිය ජුනි 5වන දින අභ්‍යවකාශයට පිටත්ව ගියේය. එම කණ්ඩායමට චීනයේ ප්‍රථම ගගනගාමී කාන්තාව වන Liu Yang ද එක්විය. එම ගගනගාමීන් පිරිස Shenzhou-14 අභ්‍යවකාශ යානය මගින් ඊයේ පෘථිවියට…

Read More

ඔස්ට්‍රෙලියාවට යාමට උත්සහකළ 20 දෙනෙකු

  නිතී විරෝධි ලෙස ඕස්ටේ්‍රලියාවට යාමට තැත්කළ පුද්ගලයින් 20 දෙනෙකු ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී අද (05) අළුයම නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ත්‍රිකුණාමලය ෆවුල් තුඩුවට ඔබ්බෙන් වු නැගෙනහිර මුහුදේ සැකකටයුතු යාත්‍රාවක් සෝදිසි කිරිමේදි මෙම පිරිස සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ. එම පිරිස අතර කාන්තාවක් සහ වයස අවුරුදු 18 අඩු ළමුන් 03 තුන්දෙනෙකුද සිටින බවයි…

Read More

ලක්ෂ 08ක කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

  ලක්ෂ 08 ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 03යි ග්‍රෑම් 105ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය සෙට්ටිකුලම කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුවයි ඊයේ(04) මාන්කුලම් පොලිස් වසමේ ඉන්දුපුරම්, ඉරණමඩු ප්‍රදේශවල මෙම වැටලීම කර ඇත්තේ. මූතුර් ප්‍රදේශයේ පදිංචි සැකකරු වයස අවුරුදු 32ක පුද්ගලයක්. සැකකරු වැඩිදුර…

Read More

පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේවා කටයුතු යළි ඇරඹෙයි

  යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගුවන් සේවා කටයුතු ලබන 12 වනදා යළි ආරම්භ කිරීමට නියමිත බව වරාය ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, අද (05) පාර්ලිමේන්තුවේදී පැවති අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින්. ගුවන්තොටුපොළ ගුවන් සේවා කටයුතු නැවත් ආරම්භ කිරීමේදි එදින පළමු ගුවන් යානය ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමට නියමිතයි….

Read More

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ට දැනුම්දීමක්

  උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා පරීක්ෂකවරුන් වෙතින් ඉල්ලුම්පත්‍ර භාර ගැනීම දෙසැම්බර් මස 10 වන දිනෙන් පසුව අවසන් කිරීමට නියමිතය. නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් එල්.එම්.ඩී ධර්මසේන මහතා මේ බව සඳහන් කර තිබේ. ඒ අනුව එම ඇගයීම් කටයුතුවලට සහභාගී වීමට අපේක්ෂිත යම් පරීක්ෂකවරයෙක් වෙතොත් එදිනට පෙර මාර්ගගත ක්‍රමය ඔස්සේ තම අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස…

Read More
Back To Top