මහ කන්නය සඳහා බණ්ඩි පොහොර බෙදාහැරීම අද සිට

  මහ කන්නය සඳහා බණ්ඩි පොහොර බෙදාහැරීම අද (05) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. ඒ අනුව පසුගිය දින දෙකක් තුළ පොහොර රැගත් නෞකා තුනක් දිවයිනට පැමිණි බවත් එම පොහොර තොගය තුළ බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 41,876 ක් සහ යූරියා මෙට්‍රික් ටොන් 25,300 ක් පවතින බවද කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළා. ගොවි ජනතාවට මෙම පොහොර…

Read More

තුන්වැනි පාසැල් වාරය අද ඇරඹේ

  රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අද (05) සිට ආරම්භ වනවා. ඒ අනුව තුන්වැනි වාරය අද (05) සිට මාර්තු 24 දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

Read More

ICT සාමාන්‍ය පෙළ හර විෂයක් කිරීමට අවධානය

  තොරතුරු තාක්ෂණය සාමාන්‍ය පෙළ හර විෂයක් ලෙස ඉදිරියේ දී එක් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා. ඒ අනුව එම විෂය සඳහා ජාතික මට්ටමේ තක්සේරුවක් සිදුවන බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ. මීට සමගාමීව නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, රොබෝටික්ස්, කෘත්‍රිම බුද්ධිය වැනි නැගී එන විෂය ධාරා හරහා සිසුන්…

Read More

සේනා දළඹුවෝ යළි බඩඉරිඟු වනසති

දිස්ත්‍රික්ක කිහිපයක බඩඉරිගු වගාවන් හි සේනා දළඹුවන් යළි වර්ධනය දක්නට ලැබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වයාප්ත හා පුහුණු අංශයේ කෘෂි විද්‍යාඥ අචාර්ය බුද්ධික අබේසිංහ පවසනවා. සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ අනුරාපුර,අම්පාර,බදුල්ල,කුරුනෑගල ඩහ මොනරාගල යන දිස්තික්කවලින් මෙම තත්ත්වයන් වාර්තා වී අති බවයි.  

Read More

සංචාරක වීසා මත මැලේසියා යවන තවත් ජාවාරමක්

  සංචාරක වීසා මත මැලේසියාව බලා පිටත්ව යාමට පැමිණි පුද්ගලයින් 9 දෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපළ ඒකකයේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. පසුගිය දා පුද්ගලයින් 14 දෙනෙකු මෙලෙස මැලේසියාව බලා පිටත්ව යාමට පැමිණ ඇති අතර ඉන් නව දෙනෙකුම සංචාරක වීසා මත මැලේසියාවේ රැකියා සඳහා යාමට උත්සාහකර ඇති බවයි විමර්ශන…

Read More

තවත් පොහොර නැවක් කොළඹට

  මියුරේට් ඔෆ් පොටෑෂ් පොහොර මෙට්‍රික් ටොන් 41,678ක් රැගත් නෞකාව කොළඹ වරායට සේන්දු වී තිබෙනවා. මේ අතර යූරියා පොහොර මෙට්‍රික් ටොන් 16,000ක් රැගත් තවත් නෞකාවක් ද ශ්‍රී ලංකා මුහුදු තීරයට ළඟා වී තිබෙන බව වාර්තා වනවා.

Read More

ලෝක කුසලාන සිහිනය දකින සුපිරි 16 තීන්දුයි

  2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඊයේ පැවති තරගයකින් පෘතුගාලය පරදා ගෝල දෙකට එකක් ලෙස ජය වාර්තා කිරීමට දකුණු කොරියාව සමත්වුණා. එමෙන් ම සර්බියාව ගෝල තුනට දෙකක් ලෙස පරාජයට පත් කිරීමට ස්විට්සර්ලන්තය ඊයේ සමත්වුණා.මේ අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ වටයට නෙදර්ලන්තය, ඇමරිකාව, ආජන්ටිනාව, ඔස්ට්‍රෙලියාව, ප්‍රංශය, පෝලන්තය, එංගලන්තය, සෙනෙගාල්, ජපානය, ක්‍රොඒෂියාව, බ්‍රසීලය, දකුණු කොරියාව,…

Read More

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට නොවැම්බරයේ වැඩි ආදායමක්

  ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නොවැම්බර් මාසයේදි ණය අයකර ගැනීම හා දේපළ බැහැර කිරිම තුළින් රුපියල් මිලියන 303ක ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබුනු බව එම අධිකාරිය පවසනවා. එහි සභාපති රජීව් සූරියආරච්චි මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ රට තුළ පැවති අරගලකාරී තත්ත්වය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ණය අයකර ගැනීම් පහත වැටී…

Read More

ඉන්දියානුවන්ගේ ජාත්‍යාලය – වසරක් තුළ ඩොලර් බිලියන 100ක්

  විදෙස්ගත ඉන්දීය ජාතිකයින් විසින් ඔවුන්ගේ මව් රටට මෙම වසරේදී ඩොලර් බිලියන 100ක පමණ ප්‍රේෂණ එවනු ඇති බවට ලෝක බැංකුව පවසයි. ලොව එක් රටකට එවැනි විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබෙන පළමු අවස්ථාව මෙය බව එම වාර්තාවේ සඳහන් වෙයි. එම වර්ධනයට හේතුවී ඇත්තේ අමෙරිකාව ඇතුළු අනෙකුත් සංවර්ධිත රටවල රැකියා වෙළෙඳපොළවල වැටුප් වැඩිවීම බව සඳහන් ය. එම වාර්තාවේ…

Read More

නොවැම්බරයේ දී සංචාරකයින් 60,000 කට ආසන්න පිරිසක් මෙරටට පැමිණෙයි

  පසුගිය නොවැම්බර් මාසයේ දී මෙරටට විදෙස් සංචාරකයින් 59,759 ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. මේ අනුව 2022 මුල් මාස 11 තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන මුළු සංචාරකයින් ප්‍රමාණය 628,017 ක් බවයි සඳහන් වන්නේ. නොවැම්බර් මාසය තුළ වැඩිම සංචාරකයින් පැමිණි රටවල් අතර රුසියාව, ඉන්දියාව, ජර්මනිය, එක්සත් රාජධානිය හා ඔස්ට්‍රේලියාව පෙරමුණේ පසුවනවා.

Read More
Back To Top