රත්නපුර – පලාබද්දල මාර්ගයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරලී 20කට තුවාල

රත්නපුර – පලාබද්දල මාර්ගයේ ඉඳුරුව – මහවංගුව අසල දී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් එහි ගමන් ගත් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබූවන් ගිලීමලේ රෝහලට ඇතුළත් කර ඇති බවයි. රත්නපුර සිට පලාබද්දල දක්වා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් අද (10) දහවල් මෙලෙස අනතුරට ලක්ව ඇති බනවි වාර්තා වෙන්නේ.

Read More

මිට්සුබිෂී සමාගම ලංකාවෙන් යයි

ජපාන ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළ සන්නාමයක් වන මිට්සුබිෂී සමාගම මෙරට සිදුකරන මෙහෙයුම් කටයුතු ලබන මාර්තු මාසයේ දි අවසන් කිරීමට තීරණය කර තිබේ. අහිතකර ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සහ ආර්ථික දැක්මත් මිට්සුබිෂී සමාගම වසර හැටකට පසු ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට ගත් තීරණයට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊට අමතරව ශ්‍රී ලංකාව බාහිර ණය…

Read More

භූ කම්පනය මැද ලොවම මවිත කළ අයාට විශාල ඉල්ලුමක්

වයඹ දිග සිරියාවේ භූකම්පනයේ බලපෑමෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරව සිටි මවක් විසින් ප්‍රසූත කළ දැරිය හදා වඩා ගැනීමට දහස් ගණනක පිරිස් ඉල්ලීම් සිදුකරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම දැරියට ‘ආශ්චර්ය‘ තේරුම ඇති එනම් ‘අයා‘ ලෙස නම් තබා ඇති අතර දැරියගේ මව, පියා මෙන්ම සහෝදර සහෝදරියන් සිව්දෙනා ද භූකම්පනයෙන් මියගොස් තිබුණි….

Read More

බුත්තල භූ කම්පනයක්

බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි. එහි අගය රික්ටර් මාපකයේ 3.0ක අගයක් බවද වාර්තා වෙයි. මෙම භූ කම්පන තත්ත්වය බුත්තලට අමතරව වැල්ලවාය සහ හඳපානාගල ප්‍රදේශවලට දනී ඇති බවද එම ආයතනය වැඩිදුරටත් පවසයි. මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් පවසන්නේ භූ කම්පන තත්ත්වය ගැන ජනතාව…

Read More

පෙබරවාරි මුල් සතියේ දී සංචාරකයෝ 26,000 ක් දිවයිනට

2023 පෙබරවාරි පළමු සතිය තුළ දී 26,506 ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව 2023 වසරේ පෙබරවාරි 07 දින දක්වා පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 129,051 ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ. පෙබරවාරි පළමු සතිය තුළ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ, රුසියාව,…

Read More

ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය උග්‍ර අතට පත්වෙලා

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ උද්ගතව ඇති ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය හදිසි තත්ත්වයක් ලෙස සලකා ඊට කඩිනම් මැදිහත්වීමක් සිදු නොකළහොත් තත්ත්වය ඉදිරියේදී තවත් බරපතළ විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න සඳහන් කළේ, මේ මොහොතේ ඖෂධ, ශල්‍ය උපකරණ, රසායනාගාර ද්‍රව්‍ය ආදී දේවල් නොමැතිවීම නිසා මුලු පද්ධතියටම…

Read More

දුම්රිය රියදුරු වැඩ වර්ජනයක්

අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලොකොමොටිව් දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. එම සංගමය පවසන්නේ පසුගිය වසරේ අගෝස්තු මස 06 වනදා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙත ඉදිරිපත් කළ ගැටළු රැසක් වෙත සාධනීය ප්‍රතිඵල නොලැබීමත් අසාධාරණ බදු අයකිරීමේ තීරණයට විරෝධය පළකිරීමත් සඳහා මෙම වෘත්තීය සමති තීරණය ගෙන ඇති බවය. කෙසේ වෙතත් අපකළ…

Read More

රට යන්න ඉන්න අයට අලුත් ආරංචියක්

ශ්‍රීලංකන් ගුවන් සමාගම චීනය වෙත නැවත සතියකට තුන්වරක් ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. චීනය සිය දේශසීමා යළි විවෘත කිරීමත් සමඟ 2023 අප්‍රේල් පළමු සතියේ  සිට චීනය වෙත වානිජ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය. එහිදී චීනයේ ගමනාන්ත ලෙස ෂැංහයි, බීජිං සහ ගුවැන්ෂු වෙත මෙලෙස නැවත ගුවන් ගමන් ආරම්භ කරනු ඇත. සෑම සඳුදා, බ්‍රහස්පතින්දා සහ…

Read More

අරගලකරුවන් සොයා ගත්තේ මම දුප්පත් ජනතාවට බෙදන්න තිබ්බ සල්ලි

අරගලකරුවන් විසින් කොටුව ජනාධිපති මන්දිරයේ තිබී සොයාගෙන කොටුව පොලීසියට භාරදී තිබූ රුපියල් එක්කෝටි හැත්තෑ අටලක්‍ෂ පනස්දහසක මුදල තමාගේ මුදල් බවත් ඒවා රටේ අසරණ ජනතාවට බෙදාදීමට සූදානම් කර තිබූ මුදල් බවටත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබාදුන් ප්‍රකාශය මගින් අනාවරණය කර ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (08) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට පැවසීය. එබැවින් මේ වනවිට…

Read More

අහිමි වූ ජීවිත ගණන 15,000 ඉක්මවයි

තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනය හේතුවෙන් ‍මේ වන විට පුද්ගලයින් 15,000කට අධික පිරිසක් ජිවීතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මේ අතර තුර්කියට බලපෑ භූ කම්පන තත්ත්වයෙන් සිදුවු විනාශය අවම කිරීමට රජයේ යම් දුර්වලතාවන් බලපෑ බව එරට ජනාධිපති රිසෙප් ටයිප් අර්ඩන් විසින් පිළිගෙන තිබේ. භූ කම්පාවෙන් විනාශයට පත් වු ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ජනාධිපතිවරයා…

Read More
Back To Top