ජර්මන් ජාතිකයෙක් අත්අඩංගුවට

  වීසා නොමැතිව මෙරට රැඳී සිටි ජර්මන් ජාතිකයෙකු කළුතර උතුර පොලිස් වසමේ වස්කඩුව ප්‍රදේශයේ හෝටලයකදී අත්අඩංගුවට ගෙන ති‌බේ. ඊයේ (13) සවස් කාලයේදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අද (14) මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ලෝක කුසලාන තරගාවලියෙන් පසු සුපිරි ක්‍රීඩකයෙක් ඉවත්වීමේ සුදානමක්

  ලබන වසරේ අළු බඳුන තරගාවලියෙන් පසුව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙරව T20ලෝක කුසලාන තරගාවලියෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට අනපේක්ෂිත ලෙස ඉවත්වීමට සිදුවුණි. එම සිදුවීමත් සමග වෝනර් සහ ඔස්ට්‍රේලියානු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම දැඩි ලෙස කම්පනයට ලක්ව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු හිටපු…

Read More

ධනිෂ්කගේ දෙවැනි ඇප ඉල්ලීම සලකා බැලීම දෙසැම්බර් 08

  ස්ත්‍රී දූෂණ චෝදනාවකට ලක්ව මේ වනවිට (14) ඔස්ට්‍රෙලියාවේ නිව් සවුත්වේල්ස් පොලිස් අත් අඩංගුවේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක සිය දෙවැනි ඇප ඉල්ලීම් පත්‍රය යොමු කර තිබෙනවා. ඒ අනුව අදාළ ඇප ඉල්ලීම සලකා බැලීම දෙසැම්බර් මස 08 වැනි දින නිව් සවුත්වේල්ස් අධිකරණය විසින් සිදු කරනු ලැබීමට නියමිතයි.

Read More

යූරියා රැගත් තවත් නෞකාවක් කොළඹ වරායට පැමිණෙයි

  යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,000 ක් රැගත් තවත් නෞකාවක් කොළඹ වරායට ළඟාවූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. මෙවර මහ කන්නයේ වී හා බඩඉරිඟු වගාවන් සදහා අවශ්‍ය යූරියා පොහොර මිලදී ගැනීමට ලෝක බැංකුව විසින් ලබාදුන් අමෙරිකානු ඩොලර් මිලියන 105 ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ, මෙරටට පැමිණි දෙවන නෞකාව මෙය බවයි සඳහන් වන්නේ. මෙම නෞකාව මැලේසියාවේ සිට පැමිණ…

Read More

සේවයට වාර්තා නොකළ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා පොදු සමා කාලය හෙට ආරම්භ වෙයි

  නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලය හෙට (15) ආරම්භ වනවා. ඒ අනුව හෙට (15) සිට දෙසැම්බර් මස 31 වන දින දක්වා එම පොදු සමා කාලය ලබාදී ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ. මේ වසරේ ඔක්තෝබර් මස 25 වනදා හෝ ඊට පෙර නිවාඩු නොලබා…

Read More

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රත්ඵල

  සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රත්ඵල මේ මස අවසන් වීමට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ධර්මසේන පවසනවා. සිදුකල විමසීමකදී ඔහු කියා සිටි‍යේ ඒ සම්බන්ධයෙන් වන කටයුතු මේ වනවිටත් සිදු කෙරෙමින් පවතින බවයි . මේ අතර උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සිදු කරන ගුරුවරු රැසකට ගෙවීම් මේ වනවිට සිදුකර ඇති බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත්…

Read More

ධනුෂ්කගේ ඇපයටත් ඩොලර් හරස්වෙයි ?

  ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා ගැනීම සඳහා වන දෙවන ඇප අයැදුම් පත්‍රය නව නීතිඥ මණ්ඩලය විසින් මේ දක්වා ඉදිරිපත් කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති අංශයේ හිටපු සභාපති ආචාර්ය චානක සේනානායක මහතා පවසයි. ඇප ලබාගැනීමට අදාළ මුදල සොයාගැනිමේ දුෂ්කරතාවකට ක්‍රිකට් ආයතනය මේ වන විට පත්ව ඇති බවට වාර්තා වන බව ඔහු සඳහන් කළේය….

Read More

ජල සැපසුම අත්හිටුවන ප්‍රදේශ

  ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට (13) දිනයේ පැය අට හමාරක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. හෙට පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා කාලය තුළ එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය. ඒ අනුව පෑලියගොඩ වත්ත, ජා ඇල, කටුනායක – සීදුව නගර සභා බල ප්‍රදේශ සහ කැලණිය,…

Read More

පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි

  බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදය කාලයේදී ද වැසි ඇති විය හැක. ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී 75ක පමණ තරමකතද…

Read More

ඉන්ධන මිල ඉහළ ට

  ඊයේ (11) මධ්‍යම රාත්‍රි 12 සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දැමීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 430ක් ලෙසය. ලංකා භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 365ක් ලෙස මිල සංශෝධනය වෙයි. අනෙකුත්…

Read More
Back To Top