ට්විටර් සමාගම, සේවකයින් ඉවත් කිරීමට තීරණය කරයි

  ඊලොන් මස්ක් විසින් මිලට ගත් ට්විටර් සමාගමේ සේවකයින්ගෙන් අඩක් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ එම සමාගම ප්‍රතිව්‍යූහගත කිරීම සඳහායි. එසේම, එහි ඇතැම් කාර්යාල ද තාවකාලිකව වසා තැබීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ අනුව අවම වශයෙන් සේවකයින් 3500 ක් පමණ මෙලෙස ඉවත් කෙරෙනු ඇති. news

Read More

ට්‍රම්ප් යළිත් ජනපති සටනට

    ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් 2024 වර්ෂයේ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරග වදින බවට ප්‍රකාශ කර තිබෙනවා. ඇමෙරිකාවේ – අයෝමා ප්‍රාන්තයේ පැවති රැස්වීමක් අතරතුර දී ඔහු සඳහන් කර තිබුණේ, තමන්ට ව්‍යාජ ඡන්ද ප්‍රතිඵලයක් හේතුවෙන් 2020 වසරේ ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමට සිදු වූ බවයි.

Read More

බොර තෙල් මිල පහළට

  ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල තවදුරටත් අඩු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉන්ධන සඳහා චීනයේ ඉල්ලුම අඩු වීම සහ එක්සත් ජනපදයේ පොලි අනුපාත නැවත වරක් වැඩි වෙතැ යි යන අනුමානය හේතුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල සඳහා බලපෑම් එල්ල වී ඇති බව එම වාර්තාවල සඳහන්. බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 94.45…

Read More

මෙරටින් පළමු වඳුරු උණ රෝගියා වාර්තා වෙයි

  පළමු වරට ශ්‍රී ලංකාවෙන් වඳුරු උණ (මන්කි පොක්ස්) ආසාදිතයකු හමු වී තිබෙනවා. ආසාදිතයා ඩුබායි සිට පැමිණි 20 හැවිරිදි තරුණයකු වන අතර, ඔහු නොවැම්බර් 01 වැනි දා මෙරටට පැමිණි අයෙක්.සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව තහවුරු කළා.

Read More

දින තුනක සිට ආගිය අතක් නැති වූ පුද්ගලයා ළිඳකින් හමුවෙයි

  යාපනයේ – නෙල්ලි අඩිකලත්ති කරණවෛ ගම්මානයේ දින 03ක් තිස්සේ අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මලසිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.ඒ අද (04) පෙරවරුවේදියි. මෙම පුද්ගලයාගේ මළසිරුර හමුව ඇත්තේ එම ප්‍රදේශයේ ම ළිඳක් තුළ පාවෙමින් තිබියදියි.මෙලෙස මියගොස් ඇත්තේ 80 හැවිරිදි වියෙහි පසුවන එස්.වියාලේන්ද්‍රන් නමැති එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.දින තුනක සිට තම ඥාතියා ආගිය අතක් නොමැති බව පවසමින් පොලිසියට…

Read More
Lanka Latest news site (16)

රැඳවියකු බැලීමට පැමිණි අඹු සැමි යුවළක් මත්ද්‍රව්‍ය සමඟ අත් අඩංගුවට

  බන්ධනාගාර රැඳවියකු බැලීමට පැමිණි අඹු සැමි යුවළක් සන්තකයේ තිබී දුම්කොළ සුරුට්ටු 200ක් සහ ගංජා ග්‍රෑම් 04යි මිලි ග්‍රෑම් 840ක් සමඟ ජංගම දුරකථන 02ක් පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකා අගුණකොළපැලැස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන් විසින් ඥාතින් හා එම ඥාතින් විසින් රැගෙන එන භාණ්ඩ පරීක්‍ෂා කරන ස්ථානයේ දී මෙම වැටලීම සිදු…

Read More
Lanka Latest news site (15)

ශ්‍රී ලංකාවේ ඉදිරිය තීරණය කරන තරග දෙකක් හෙට

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය සඳහා පැමිණීමේ අවස්ථා තීරණය කෙරෙන තරග දෙකක් හෙට (04) පැවැත්වෙනවා. නවසීලන්තය සහ අයර්ලන්තය අතරත් ඔස්ට්‍රෙලියාව සහ ඇෆ්ගනිස්ථානය අතරත් ඇඩිලේඩ්හි දී එම තරග පැවැත්වීමට නියමිතයි. ඔස්ට්‍රෙලියාවට එරෙහි තරගය ඇෆ්ගනිස්ථානය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට වැඩි අවස්ථාවක් පවතිනවා. එමෙන්ම, නවසීලන්ත තරගයෙන් අයර්ලන්තය ජයග්‍රහණය කළ…

Read More
Lanka Latest news site (14)

එක්ස්ප්‍රස් පර්ල් නෞකා ගින්නෙන් වු හානි සඳහා වන්දි ගෙවීම් තීරණය කරන්න කමිටුවක්

  එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදු වු පරිසර හානිය සහ ධීවරයන්ට සිදු වු හානිය වෙනුවෙන් වන්දි ගෙවන ආකාරය තීරණය කිරීම සඳහා නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) නියෝග කර තිබෙනවා. නෞකාව ගිනි ගැනීමෙන් සිදු වු හානිය වෙනුවෙන් වන්දි අයකරදෙන ලෙසත් වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස නියෝග නිකුත්…

Read More
Lanka Latest news site (9)

ව්‍යාජ මුද්‍රණාල දෙකක් පවත්වාගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

  කොළඹ 07 වෝඩ් පෙදෙසේ ව්‍යාජ මුද්‍රණාල දෙකක් පවත්වාගෙන යමින් කූඨ ලේඛන සකස් කර අලෙවි කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලද තොරතුරක් මතයි ඊයේ (29) මෙම වැටලීම සිදුකර ඇත්තේ. මෙහි තිබී උප්පැන්න සහතික, ග්‍රාමසේවා සහතික, විවෘත විශ්වවිද්‍යාල සහතික, ශිෂ්‍ය කාර්ය දර්ශක, ජල බිල්පත්, බැංකු පාස් පොත්,ඇතුලු ව්‍යාජ…

Read More
Lanka Latest news site (8)

ත්‍රිකුණාමල මුහුද ආශ්‍රිතව මත්ස්‍ය වගා ව්‍යාපෘතියකට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය

  ත්‍රිකුණාමලය මුහුද ආශ්‍රිතව මසුන් ඇති කර විදේශ රටවලට අපනයන කිරීමේ ව්‍යාපෘතියකට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. මේ සඳහා ඇමෙරිකානු ඩොලර් 7.5 ක මුදලක් ආයෝජනය කර ඇති බවයි ආයෝජන මණ්ඩලය සඳහන් කළේ. මෙම ව්‍යාපෘතිය තුලින් ඍජු රැකියා අවස්ථා 100ක් හිමිවන අතර ආයෝජන මණ්ඩලය යටතේ ඇති ආයෝජක පහසුකම් මධ්‍යස්ථානයේ මුල්ම ව්‍යාපෘතිය ද මෙයයි. නව…

Read More
Back To Top