
නොරොච්චෝලේ බලාගාරයේ තවත් බිඳ වැටීමක්..
දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ජනන යන්ත්‍රය අක්‍රියවී තිබෙනවා. මේ හේතුවෙන් විදුලි කප්පාදුව දීර්ඝවිය හැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කරන්නේ. ඒ අනුව විදුලි කප්පාදුව වැඩිකිරීමට අදාළ නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතව ඇති බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.