කුසල් ජනිත් ට කැඳවීමක්

ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන “A” කණ්ඩායමේ තරග සඳහා කුසල් ජනිත් පෙරේරා ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙක් කැඳවා තිබේ. ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ එළඹෙන නවසීලන්ත සංචාරය සඳහා සූදානම්වීමක් වශයෙන් එම ක්‍රීඩකයින්ව “A” කණ්ඩායම ට කැඳවා ඇති බවය. ඒ අනුව කුසල් ජනිත් පෙරේරා, පැතුම් නිස්සංක, චරිත් අසලංක,…

Read More

හවුස් ඔෆ් ෆැෂන් සිද්ධියේ ඇත්ත කතාව මෙන්න..

කොළඹ, බම්බලපිටියේ පිහිටි හවුස් ඔෆ් ෆැෂන් (house of fashion) නිමි රෙදිපිළි අලෙවිසැලේ පසුගිය සෙනසුරාදා සවස සිදුවූ බව කියන ගැටුමක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. එම නිමි ඇඳුම් වෙළඳසැලේ රථ ගාලේ සිය වාහනය නවතා ඇඳුම් මිළදී ගැනීමට පැමිණි පාරිභෝගික යුවලක් සිය අවශ්‍යතාවය ඉටුකර ගැනීමෙන් පසුව නැවත ඉන් පිටව යෑමට පැමිණි අවස්ථාවේදී එහි රථ ගාලේ නවතා…

Read More

අජිත් ප්‍රසන්නට දුන් දඬුවම

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු  වූ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කළේය. ඊට අමතරව රුපියල් ලක්ෂ 3 ක දඩයක් ද නියම කළ විනිසුරුවන් එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව තවත් මාස හයක සිරදඬුවම් නියම කරන බවත්…

Read More

යුක්‍රේනයට යුද ටැංකි ලබාදීමට ජර්මනියේ එකඟතාව

ලිපාර්ට් ටූ වර්ගයේ යුද ටැංකි පෝලන්තය විසින් යුක්‍රේනයට ලබාදීම සම්බන්ධයෙන් විරෝධය පළ නොකරන බව ජර්මනිය පවසයි. ජර්මන් විදේශ අමාත්‍ය ඇනාර් බාර්බොක් ඊයේ (23) සඳහන් කළේ, පෝලන්තය මෙතෙක් ජර්මනියෙන් ඒ සම්බන්ධයෙන් අනුමැතිය ඉල්ලා නොමැති බවය. ජර්මනියේ නිෂ්පාදිත යුද ටැංකි 200ක් පමණ පෝලන්තය සතුව පවතින අතර එම යුද ටැංකි යුක්‍රේනයට ලබාදීම සම්බන්ධයෙන් මීට පෙර ජර්මනිය විරෝධය පළකර…

Read More

සංගීතයෙන් රටම නැලවූ දුලීක දිවියෙන් සමුගනී

ජනප්‍රිය සංගීත නිර්මාණ ශිල්පියෙකු වන දුලීක නුවන් කෝඳාගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 40 හැවිරිදි වියේ පසුවිය. දුලීක නුවන් කෝඳාගොඩ FM දෙරණ සංගීත සමායෝජක ලෙස කටයුතු කළේය. අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් ඇත. දුලීක නුවන් කෝඳාගොඩ මෙරට අතිශය ජනප්‍රිය ගීත රැසක් ඔහුගේ තනු නිර්මාණ හරහා වර්ණවත් කළේය.

Read More

ශ්‍රී ලංකාවේ ණය ගැන මහ බැංකු අධිපති කළ හෙළිදරව්ව

ඉදිරි මාස 6 තුළ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අවසන් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ලබන වැඩසටහනක කොටසක් ලෙස අර්බුදයකට මුහුණදී සිටින අසල්වැසි ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීමට ඉන්දියාව කැපවී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි. ජාත්‍යන්තර මූල්‍ය…

Read More

රු.20 ක් සිසුවෙක් හදිසි ප්‍රතිකාර ඒකකයක නවත්වයි

කළුතර විද්‍යාලයේ උසස් පෙළ හැදෑරීමට පැමිණි නවක සිසුවෙකුට විද්‍යාලයේ තවත් සිසුන් පිරිසක් පහරදීමෙන් තුවාල ලබා මේවන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. පහරකෑමට ලක්වු සිසුවාගේ මව්පියන් පවසන්නේ රුපියල් 20ක් ඉල්ලා සිදුකළ මෙම පහරදීමෙන් සිසුවාගේ මුහුණට බරපතල තුවාල සිදුවී ඇති බවය. නිම්න රන්මාල් ජයරත්න සිසුවා පසුගිය 16 වැනිදා කළුතර විද්‍යාලයට ඇතුළත් වන්නේ උසස්…

Read More

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ අඛණ්ඩව විදුලිය ලබාදීමට නොහැක

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ අඛණ්ඩව විදුලිය ලබාදීමට නොහැකි වියහැක්කේ පසුගිය කාලසීමාව තුළ බලධාරීන් විසින් ගත් අත්තනෝමතික ක්‍රියාපිළිවෙත් හේතුවෙන් බව විදුලි ඉංජිනේරු සංගමය චෝදනා කරයි. අද (23) පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පැවසුවේ විදුලිය උත්පාදනයට අවශ්‍ය ඉන්ධන සහ ගල්අඟුරු නිසි කාලසීමාවන්හී දි ලබාදුන්නේ නම් මෙම ගැටලුව ඇති නොවන බවය. ඒ…

Read More

රාජ්‍ය සේවක වැටුප් ගෙවන්නෙ කවදාද?

රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි මස වැටුප් ලැබෙන දිනයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව විධායක නොවන සේවකයින්ගේ වැටුප ජනවාරි මස 25 වනදා ගෙවීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම විධායක නිලධාරීන්ගේ වැටුප ජනවාරි මස 25 වනදා හෝ 26 වනදා ගෙවීමට නියමිත බව ද ඒ මහතා පැවසීය.

Read More

විදේශිකයන්ගේ මුදල් සොරකම් කළ පුද්ගලයින් ති‍දෙනෙක් අත්අඩංගුවට

තිස්සමහරාම යෝධ වැව අයිනේ පිහිටි කබානා හෝටලයක නවාතැන් ගෙන සිටි විදෙස් ජාතික යුවළකගේ ඩොලර් 800ක් පැහැරගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් ති‍දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය ජනවාරි මස 19 වනදා එම විදෙස් යුවළ නිදාසිටිය දී කබානාව තුළට රිංගු සැකකරුවන් විසින් එම මුදල් සොරාගෙන ගොස් තිබුණි. ඒ අනුව සිදුකළ පරීක්ෂණ මත අද (23) අලුයම අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව…

Read More
Back To Top