පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් ට විෂේශ නියෝගයක්

2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍හාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය….

Read More

ගොවීන්ට නොමිලේ ලබා දෙන පොහොර සඟවාගෙන සිටි අයෙක් අත්අඩංගුවට

ගොවීන්ට නොමිලේ බෙදාදීම සඳහා රැගෙනවිත් තිබූ පොහොර තොගයක් සඟවාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (11) මහකළුගොල්ල පොලිස් වසමේ හෙලමුල්ල, දෙමෝදර ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ වැටලීම එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සතුව තිබී යුරියා කිලෝග්‍රෑම් 50 පොහොර මිටි 12ක් සහ බයෝග්‍රීන් ෆාම් වර්ගයේ ලිටර් 01…

Read More

ඇෆ්ගනිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට බෝම්බ පිපිරීමක්

ඇෆ්ගනිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 20දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බෝම්බ්කරු විසින් අමාත්‍යාංශය තුළට පැමිණ පිපිරීම සිදුකරගැනීමට උත්සහා කර ඇති අතර එය ව්‍යවර්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පිපිරීම සිදුවු ප්‍රදේශය තුළ තුර්කිය සහ චීනය ඇතුළු තවත් රටවල් කිහිපයක තානාපති කාර්යාල පිහිටා තිබේ. අදාළ ප්‍රහාරයේ වගකීම Isis-K නමින්…

Read More

වෛරස් උණ මාරාන්තික විය හැකියි

මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගය හේතුවෙන් ශ්වසන පද්ධතියට හානි සිදුවිය හැකි බවට වෛද්‍යවරු අනතුරු අඟවති. ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා පවසා සිටියේ, මෙම උණ රෝගී තත්ත්වය විශේෂයෙන් ගර්භණී සහ වයස්ගත පුද්ගලයින් ට මාරාන්තික තත්ත්වයක් වුවත් ඇති කළ හැකි බවය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති…

Read More

ධනුෂ්කගේ නඩුවට දුන් නියෝගය

කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට සිරභාරයට ගෙන ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව නැවත විමසීම පෙබරවාරි 23 වැනිදා දක්වා කල්දමා තිබේ. සිඩ්නිහි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී එම නඩුව අද (12) කැඳවු අවස්ථාවේදී එම තීරණය දැනුම් දුන්නේය. සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ…

Read More

දුම්රිය මගීන්ට දැනුම් දීමක්

 අද (11) පස්වරුවේ සියලුම කාර්යාල දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.අද පෙරවරුවේ පමණක් දුම්රිය දෙකක් අවලංගු වූ බවයි පාලක මැදිරිය කියා සිටියේ. කෙසේ වෙතත් ඊයේ (10) දිනයේදී කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් දුම්රිය 8කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු වී තිබුණා.

Read More

සතියක් තුළ ඩෙංගු රෝගීන් 2,142ක්

2023 වසරේ පළමු සතිය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 2,142 දෙනෙකු හඳුනාගෙන තිබේ. පසුගිය 02 වනදා සිට 07 වනදා දක්වා කාලය තුළ එම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය. එම කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 440ක් වේ. එමෙන්ම අදාළ කාලය තුළ…

Read More

රූපවාහිනී සංස්ථාවට බලෙන් ඇතුළු වූ සැකකරුවෙක් අත්අඩංගුවට

පසුගිය දා ජාතික රූපවාහිනී සංස්ථාවට බලෙන් ඇතුළු වූ සැකකරුවෙකු කුරුඳුවත්ත පොලීසිය වසමේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (10) සවස් කාලයේදී අදාළ සැකකරු කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි ජලාශය පාර, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අද (11) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් 05දෙනෙකු…

Read More

අලුතින් ඉදිවන තෙල් පිරිපහදුව

අපනයනය අරමුණු කරගත් ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. විදේශ ආයෝජකයින් එම ව්‍යාපෘතිය සඳහා අයෝජනය කිරීමට උන්නදුවක් දක්වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඒ අනුව සුදුසු ආයෝජකයේකු තොරා ගැනීම සඳහා අභිලාෂ කැඳවීමට නිවේදන නිකුත් කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත්…

Read More

සමෘද්ධි දීමනාව ලබාදීම සති දෙකකින් කල් යනවා

මේ වනවිට භාණ්ඩාගාරය දරුණු මුල්‍ය අර්බුදයකට මුහුණ දී ඇතැයි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම්දුන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව ජනවාරි මාසයේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම දැඩි ගැටලුකාරි තත්ත්වයක් මතුකර ඇති බවත්, සමෘද්ධි දීමනාව ලබාදීමට සති දෙකක් පමණ ප්‍රමාද විය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

Read More
Back To Top