
ශ්‍රී ලංකාවේ දර්ශනීයම දුම්රිය ගමන
මා නොසන්සුන්, දිගු නලා නාදයේ හඬින් තිගැස්සී අවදිවිය. ලෝකයේ සුන්දරම දුම්රිය ගමන්වලින් එකක් වන කොළඹ සිට බදුල්ල දුම්රිය මාර්ගය ඔස්සේ කඳු ගැට හරහා යන විට හමුවන රදැල්ල දුම්රිය ස්ථානය වෙතට දුම්රිය ඇදෙද්දී නලාව නාදවිය. “මේ ගමනට කොච්චර හිත ඇදගන්නව ද කියනවනම්, මූණ ජනේලයෙන් ඉවතට හරවගන්න හිතෙන්නේ නෑ,” මූල්‍ය උපදේශකවරියක් ලෙස වෘත්තීය ජීවිතය තුළ දිවයින පුරා…