රාහුල් නව ඉනිමක් අරඹයි

ඉන්දීය ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරුවෙක් වන කේ. එල් රාහුල් සිය දිවි ගමනේ නව ඉනිමක් ඊයේ (23) ආරම්භ කළේය. කේ.එල්. රාහුල් විවාහ දිවියට ඇතුළත් වුණේ බොලිවුඩයේ සුපිරි නළු සුනිල් ෂෙට්ටිගේ දියණිය වන අතියා ශෙට්ටි සමගය. බොලිවුඩයේ  රංගන ශිල්පිනියක් වන අතියා ශෙට්ටි  සහ රාහුල් අතර දීර්ඝ කාලීනව පෙම් සම්බන්ධතාවයක් පැවතියේය. ඔවුන්ගේ විවාහය ඊයේ පැවැත්වුණේ සුපිරි නළු සුනිල්…

Read More

ඉනෝකා සහ වනිඳු ICC කණ්ඩායම් සඳහා නම්කෙරේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් 2022 වසර සඳහා පිරිමි සහ කාන්තා විස්සයි විස්ස කණ්ඩායම් සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් සහ ක්‍රීඩකයෙක් නම්කර තිබේ. කාන්තා කණ්ඩායම සඳහා ඉනෝකා රණවීර නම්කර ඇති අතර 2022 ICC 20/20 පිරිමි ක්‍රිකට් කණ්ඩායම සඳහා වනිඳු හසරංග ව නම්කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය. එම කණ්ඩායම් මෙසේය…  

Read More

කෝලි ඉදිරියට

නවතම ICC ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම් හි සිව්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලියේදී දැක්වූ දක්ෂතා ඊට හේතු වී ඇති අතර මේ වන විට කෝලිට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 750කි. තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී ශතක දෙකක් සමගින් ලකුණු…

Read More

පරාජය ගැන හේතු ඉල්ලයි

ඉන්දියාව සමග පැවති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයේදී අත්වූ දරුණු පරාජය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුට දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා, ප්‍රධාන පුහුණුකරු, තේරීම් කමිටුව සහ කළමනාකරුගේ අදහස් එම වාර්තාවේ ඇතුළත් වියයුතු බව එහි සඳහන් වෙයි. එම වාර්තාව දින 5ක ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට…

Read More

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ඉන්දියාවට එරෙහි දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. මේ අතර ආබාධ තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අද තරගය අහිමිව තිබේ. ඒ අනුව පැතුම් නිස්සංක වෙනුවට ශ්‍රී ලංකාව වෙනුවෙන් අද තරගයට නුවනිඳු ප්‍රනාන්දු එක්වෙයි. මේ අතර ආබාධයකට ලක්වීම හේතුවෙන් ඩිල්ශාන් මදුශංකටද අද තරගය අහිමිවන අතර…

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මදුශංක අද පැවැත්වෙන දෙවන තරගයට ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. පළමු තරගයේදී ඩිල්ෂාන් මදුශංක පන්දුවක් රැකගැනීමට උත්සාහ ගත් අවස්ථාවේ අත බිම වැදීමෙන් මෙලෙස දකුණු උරහිසේ ආබාධයකට ලක්ව ඇත. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය…

Read More

ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු ගැන අලුත්ම ආරංචිය මෙන්න

ඉන්දීය තරග සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු ආබාධවලට ලක්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. මෙලෙස ආබාධවලට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සහ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුශංකයි. ඊයේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී ඔවුන් දෙදෙනා ආබාධවලට ලක්ව ඇති බව ශ්‍රී ලංකා…

Read More

සුපිරි ප්‍රහාරයෙන් පසුව දසුන්ට හිමිවූ අලුත් තැන

ශ්‍රී ලංකා නායක දසුන් ශානක වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ. ඒ 2023/01/09 දින පැවති තරගයේදී ඔහු ඉන්දීය කණ්ඩායමේ ලද අසීරු ඉලක්කය ජයගැනීමෙන් අරමුණින් දියත් කළ සුපිරි ප්‍රහාරයත් සමඟය. පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට සමත්ව ඇත. ඒ අනුව ඔහු ඊයේ…

Read More

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන එක්දින තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (12) පැවැත්වීමට නියමිතව තිබේ. තරගය ඊඩ්න් ගාඩ්න්හිදී අද පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතය. අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකගේ සහභාගීත්වය අවිනිශ්චිත අතර ඒ වෙනුවට ළහිරු කුමාර කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇති බව වාර්තා වේ. දෙරට අතර පැවති…

Read More

දසුන්ගේ සිද්ධිය ගැන ඉන්දීය නායකයා තරගයෙන් පසු කීදේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 67ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (10) සමත්වූවත් බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයක් යොමුවී තිබුණේ ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ඉනිම වෙතය. ඒ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ශතකයක් රැස් කරමින් ක්‍රීඩා කළ අගනා විශ්වසනීය ඉනිම පිළිබඳවය. මොහොමඩ් ශාමි අවසන් පන්දුවාරයේ සිව්වන පන්දුව යොමුකරන අවස්ථාවේ කසුන්…

Read More
Back To Top