පෙබරවාරි මුල් සතියේ දී සංචාරකයෝ 26,000 ක් දිවයිනට

2023 පෙබරවාරි පළමු සතිය තුළ දී 26,506 ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව 2023 වසරේ පෙබරවාරි 07 දින දක්වා පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 129,051 ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ. පෙබරවාරි පළමු සතිය තුළ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ, රුසියාව,…

Read More

ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය උග්‍ර අතට පත්වෙලා

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ උද්ගතව ඇති ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය හදිසි තත්ත්වයක් ලෙස සලකා ඊට කඩිනම් මැදිහත්වීමක් සිදු නොකළහොත් තත්ත්වය ඉදිරියේදී තවත් බරපතළ විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න සඳහන් කළේ, මේ මොහොතේ ඖෂධ, ශල්‍ය උපකරණ, රසායනාගාර ද්‍රව්‍ය ආදී දේවල් නොමැතිවීම නිසා මුලු පද්ධතියටම…

Read More

අභිෂේකා නොලැබෙන ආදරයක් ගැන හෙළි කරයි

මෙරට ගායන ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වය පසෙකලා තමන්ගේ තෘප්තිය උදෙසා ගීත ගායනා කරන ගායන ශිල්පිනියක් ලෙස අභිෂේකා විමලවීර හඳුන්වන්න පුළුවන්. ඇය ගැයූ සෑම ගීතයක්ම පාසේ රසිකයන් ආදරෙන් වැළඳගත්තා. අභිෂේකා සමාජ ජාලාවලත් ජනප්‍රිය චරිතයක්. ඇය සමාජ ජාලාවල පළ කරන සටහන් අතර අද පළ කළ සටහන ටිකක් විශේෂයි. “ප්‍රේමයෙන් මරණාසන්න තුවාළ හිමිවුණු මනුස්සයෙක් මරණය වෙනුවට ජීවිතේ තෝර ගන්නවා කියන්නෙ…

Read More

විවාහයෙන් පස්සේ වැඩි වෙලාවක් සැමියා එක්ක එකට ඉන්න ඕන නිසා රංගනයට සමුදෙනවා

අපේ රංගන ක්ෂේත්‍රයේ ඉහලම නමක් දිනාගෙන ඉන්න දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ, විවිද චරිත හරහා ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව දිනාගන්න සමත්වුණ ශලනි වර්ථමානය වනවිට ලංකාවේ නිලි රැජින විදියටත් හඳුන්වනවා, ඉතින් අපි අද අපේ කතාබහට එකතු කරගන්න සුදානම් වෙන්නේ හැමෝම ආදරේ කරන ශලනි තාරකාවයි, ශලනි කොහොමද ඉතින් ජීවිතේ..? ”මම ටෙලිනාට්‍ය කිහිපයකම වැඩ බාර…

Read More

දුම්රිය රියදුරු වැඩ වර්ජනයක්

අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලොකොමොටිව් දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. එම සංගමය පවසන්නේ පසුගිය වසරේ අගෝස්තු මස 06 වනදා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙත ඉදිරිපත් කළ ගැටළු රැසක් වෙත සාධනීය ප්‍රතිඵල නොලැබීමත් අසාධාරණ බදු අයකිරීමේ තීරණයට විරෝධය පළකිරීමත් සඳහා මෙම වෘත්තීය සමති තීරණය ගෙන ඇති බවය. කෙසේ වෙතත් අපකළ…

Read More

රට යන්න ඉන්න අයට අලුත් ආරංචියක්

ශ්‍රීලංකන් ගුවන් සමාගම චීනය වෙත නැවත සතියකට තුන්වරක් ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. චීනය සිය දේශසීමා යළි විවෘත කිරීමත් සමඟ 2023 අප්‍රේල් පළමු සතියේ  සිට චීනය වෙත වානිජ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය. එහිදී චීනයේ ගමනාන්ත ලෙස ෂැංහයි, බීජිං සහ ගුවැන්ෂු වෙත මෙලෙස නැවත ගුවන් ගමන් ආරම්භ කරනු ඇත. සෑම සඳුදා, බ්‍රහස්පතින්දා සහ…

Read More

අරගලකරුවන් සොයා ගත්තේ මම දුප්පත් ජනතාවට බෙදන්න තිබ්බ සල්ලි

අරගලකරුවන් විසින් කොටුව ජනාධිපති මන්දිරයේ තිබී සොයාගෙන කොටුව පොලීසියට භාරදී තිබූ රුපියල් එක්කෝටි හැත්තෑ අටලක්‍ෂ පනස්දහසක මුදල තමාගේ මුදල් බවත් ඒවා රටේ අසරණ ජනතාවට බෙදාදීමට සූදානම් කර තිබූ මුදල් බවටත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබාදුන් ප්‍රකාශය මගින් අනාවරණය කර ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (08) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට පැවසීය. එබැවින් මේ වනවිට…

Read More

අහිමි වූ ජීවිත ගණන 15,000 ඉක්මවයි

තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනය හේතුවෙන් ‍මේ වන විට පුද්ගලයින් 15,000කට අධික පිරිසක් ජිවීතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මේ අතර තුර්කියට බලපෑ භූ කම්පන තත්ත්වයෙන් සිදුවු විනාශය අවම කිරීමට රජයේ යම් දුර්වලතාවන් බලපෑ බව එරට ජනාධිපති රිසෙප් ටයිප් අර්ඩන් විසින් පිළිගෙන තිබේ. භූ කම්පාවෙන් විනාශයට පත් වු ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ජනාධිපතිවරයා…

Read More

මම පොඩි කාලේ ඉඳන්ම හැදුනේ එංගලන්තයේ විසිට් එකකට වගේ තමයි ලංකාවට එන්නේ

ෆොන්සේකා පරපුරෙන් රංගන ලෝකයට සම්බන්ද වුන වර්තමානය වනවිට ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙලා ඉන්න රංගන ශිල්පිනියක් තමයි සෙනාලි ෆොන්සේකා කියන්නේ, සෙනාලි පහුගිය කාලයේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වුන ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ සුදු චූටි ගේ චරිතය නිසා හැමෝගෙම අවදානය දිනාගන්න සමත්වුනා, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන වගේම පසුගිය කාලයේ වැඩිය පෙන්න…

Read More

වෛද්‍යවරුන්ගේ සංකේත වැඩවර්ජනය අද අවසන් වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියත් කළ පැය 24ක සංකේත වැඩ වර්ජනය අද (09) උදෑසන 8.00 ට අවසන් වන බව එම සංගමය පවසනවා. රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව සහ රට තුළ පවතින ඖෂධ හිඟයට රජය නිසි ප්‍රතිචාර නොදැක්වීමට විරෝධය පළකරමින් මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කළ බවයි එම සංගමය සඳහන් කළේ. මෙම වැඩවර්ජනය ඉතා සාර්ථක වූ බවයි…

Read More
Back To Top