මැතිව්ස් යළි පිටියට

සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් යළි ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා ඇති බව වාර්තා වෙනවා. ඇන්ජලෝ මැතිව්ස් යළි ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට එක්වන්නේ වසර දෙකකට පසුව වීම විශේෂත්වයකි. ඒ අනුව ඔහු එළඹෙන නවසීලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වනු ඇති බවයි වාර්තා වෙන්නේ. මේ අතර ‘එංගලන්ත ලයන්ස්’ පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී දස්කම්…

Read More

චීනයේ සහය නොමැතිව IMF ශ්‍රී ලංකාවට ණය අනුමත කරයිද?

විදෙස් මාධ්‍ය මූලාශ්‍ර කිහිපයක් මීට දින කිහිපයකට පෙර වාර්තා කර තිබුණේ, සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදීමට චීනය දක්වන අකමැත්ත නොතකා, ශ්‍රී ලංකාවට ණය මුදලක් අනුමත කරදීම පිළිබඳව අන්තර්ජාතික මූල්‍ය අරමුදල(IMF) සළකා බලමින් සිටින බවය. ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා වන චීනයේ සහායක් නොමැති වුවද, එලෙස ‘ශ්‍රී ලංකාවට ණය මුදලක් අනුමත කරදීම කෙරෙහි IMF අවධානය යොමුකර ඇතැයි’…

Read More

ආනයනය කරන පළමු බිත්තර තොගය මේ සති අන්තයේ දිවයිනට

මෙරටට ආනයනය කරනු ලබන පළමු බිත්තර තොගය මෙම සති අන්තයේ දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් එම බිත්තර තොගය ආනයනය කිරීමට නියමිත අතර ඉන්දියාවේ සිට බිත්තර මිලියන දෙකකට ආසන්න සංඛ්‍යාවක් පළමු වරට ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව අදාළ බිත්තර තොගය හෙට දිනයේ ඉන්දියාවේ…

Read More

ධනුෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි ලිහිල් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දී තිබූ ඇප කොන්දේසි ලිහිල් කිරීමට සිඩ්නි හි අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඒ අනුව ඔහුට නැවතත් වට්ස්ඇප් භාවිතයට සහ රාත්‍රියේ නිවෙසින් එළියට යෑමට අවස්ථාව ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. ඔහුට ඔස්ට්‍රේලියානු කාන්තාවක් දුෂණය කළ බවට චෝදනා එල්ලවී තිබුණා.

Read More

අයා ට යළි උරුම වූ සෙනෙහස

පසුගිය 06 වනදා සිරියාවට බලපෑ භූ කම්පනයෙන් කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතරදී බිහිවූ දැරිය පිළිබඳව ලෝකයේම අවධානය යොමුවිය. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අයා නම් මෙම දැරිය හදාවඩා ගැනීම සඳහා ඇයගේ ඥාතියෙකු වෙත භාරදීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇති බවය. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ DNA පරීක්ෂාවකින් පසුව දැරියගේ මවගේ ඥාති කාන්තාවක වෙත දැරිය භාරදීමට රෝහල්…

Read More

සේවක විරෝධය හේතුවෙන් රජය අදායම් බදු ප්‍රතිපත්තිය ආපසු හරවයිද?

වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බව ජනාධිපතිවරයා පවසන පසුබිම තුළ නව ආදායම් බදු සංශෝධනය හකුලා ගන්නා ලෙස රජයට බල කරමින් වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව විසින් අද (පෙබරවාරි 22 වැනිදා) කොළඹදී විරෝධතාවක් පවත්වනු ලැබීය. වෘත්තීය සමිති මෙම විරෝධතාව සංවිධාන කර ඇත්තේ යළිත් වරක් විදුලි ගාස්තු ද ඉහළ දමා ඇති පසු බිම…

Read More

ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

කළුතර දකුණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළදී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක්, උණ්ඩ ගැබක් සහ මිලිමිටර් 09 වර්ගයේ උණ්ඩ 09ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු නවාතැන් ගෙන සිටි ස්ථානය පරීක්ෂා කිරීමේදී මදන මෝදක ගුලි 187ක් ද සොයා ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. සැකකරු 30 හැවිරිදි කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අදාළ පුද්ගලයා කළුතර…

Read More

දිනක්ෂි හදන කෑමත් වතුර වගේ. හොඳ ගතිගුණයක් තමයි යන තැනක ගිහින් ඒ භාජනයේ හැඩය ඇරගෙන ඒ තැනට අනුව ඉන්න පුළුවන්

සරංග දිනක්ෂි කියන්නේ යෞවනයේ බොහෝ දෙනෙක් ආදරය කරන ආදරණීය ජෝඩුවක්. ඔවුන්ට ආදරය කරන පිරිසක් වගේම එදා ඉඳන් අද දක්වාම ඔවුන්ව විවේචනය කරන පිරිසකුත් ඉන්නවා.නමුත් නින්දා ප්‍රසංසා කියන මේ සියලුම දේවල් එක්ක ඉදිරියට තමන්ගේ ජීවිතය ඉතාමත් සාර්ථකව ගත කරන ගත කරන මේ ආදරණීය කලාකරුවන් දෙදෙනා පසුගිය කාලයේදී උතුම් දියණියකගේ දෙමව්පියන් වෙන්නත් වරම් ලැබුවා. ඕනිම කෙනෙක්ට ජීවිතයේ…

Read More

බුත්තල ප්‍රදේශයේ සු​ළු භූ චලනයක්

බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව අද (22) පෙරවරු 11.45 ට පමණ සු​ළු භූ චලනයක් සිදුව ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා. ඒ අනුව රිච්ටර් මාපාංක 3.2ක අගයකින් යුත් භූ චලනයක් බුත්තල හා වැල්ලවාය අතර ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ.

Read More

ගොඩක් කොල්ලෝ පස්සෙන් එන්නේ වෙන වෙන දේවල් කරන්න බලාගෙන..

කාලෙන් කාලෙට විවිද රසබර ටෙලිනාට්‍ය වගේම ඒ ටෙලිනාට්‍ය හරහා කළා ලෝකයට අලුත් මුහුණු හඳුන්වාදෙන ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක් තමයි ටීවී දෙරණ කියන්නේ, ඉතින් ටීවී දෙරණ නාලිකාව හරහා මේ වනවිට හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ ජනප්‍රියම ටෙලිනාට්‍ය තමයි ‘දෙවෙනි ඉනිම’ කියන්නේ, දැන් වසර පහකට අදික කාලයක් තිස්සේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිත දෙකක් මෙම නාට්‍යයෙන් ඉවත්…

Read More
Back To Top