ළමා රෝහලට අවශ්‍ය බිත්තර නොමිලේ

අද (07) දිනයේ කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලට අවශ්‍ය බිත්තර නොමිලේ ලබාදීමට කටයුතු කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති සරත් රත්නායක පවසා සිටියේ බිත්තර ලක්ෂ 8ක ප්‍රමාණයක් අද දිනයේ කොළඹට රැගෙන එන බවයි. එමෙන්ම කොළඹ සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත රුපියල් 53කට බිත්තර ලබාදීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

Read More

අපොස උපෙළ ගැන විශේෂ නිවේදනයක්

2022 උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ලබන 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වන දින ආරම්භවීමට නියමිත බවය. විභාගය ආරම්භ කිරීමට දින 05කට පෙර ඊට අදාළ උපකාර පංති, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම තහනම්…

Read More

කොළඹ ජනතාව ට විශේෂ පණිවුඩයක්

කොළඹ ප්‍රදේශ රැසකට අද (07) දිනයේ පැය 18ක කාලයක්  ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. අද රාත්‍රී 10 සිට හෙට (08) පස්වරු 04.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය. අදාළ කාලය තුළ කොළඹ 01, 02, 03, 04, 07, 09, 10 සහ 11 යන ප්‍රදේශවලට ජල සැපයුම…

Read More

සුජීවගේ වාහනේ මගේ වාහනේ වැදුනානම් හක්කේ තියලා සේම අරින්නේ

ලංකාවේ නම ඇහුන පමණින් හැමෝම හඳුනාගන්නා චරිතයක් තමයි පියුමි හංසමාලි කියන්නේ, ලංකාව තුල ඉතාම දීර්ඝ කාලයක් තිස්සේ විවිද මාතෘකා හරහා හැමෝගෙම අවදානය දිනාගන්න සමත්වුණ පියුමි සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ. ඇත්තටම පියුමි කියන්නේ කොයි වගේ චරිතයක්ද ”ඇත්තටම කියනවනම් මම විසේකාර දඟකාර කටකාර සුන්දර හැඩකාර චරිතයක්, මම දරුවා එක්ක ඉන්න වෙලාවට මම මවක් යාළුවො…

Read More

බසවක්කුලම වැව වටේ ගස්වලට මොකද උනේ

මෙරට පළමු වැව ලෙස සැළකෙන අනුරාධපුර, බසවක්කුලම වැව වටා ඇති රූස්ස ගස් කිහිපයක් පසුගිය දින කිහිපය තුළ කපා ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මේ පිළිබඳව ප්‍රදේශවාසීන්ගෙන් මෙන්ම සමාජ මාධ්‍ය තුළද එල්ල වන්නේ දැඩි විරෝධයකි. “වැවයි දාගැබයි” සංකල්පය ශ්‍රී ලාංකිකයින්ට උරුම වන්නේ පළමු වාරි කර්මාන්තය වන බසවක්කුලම වැව පණ්ඩුකාභය රජු විසින් නිර්මාණය කර තිබීම…

Read More

සේපාල් කළ අපහාසයට දඬුවම

සේපාල් අමරසිංහ නමැත්තාට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනා බව  අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී දළඳා වහන්සේට අපහාසයක් සිදුවන අයුරින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා. “ශ්‍රී දළඳා වහන්සේ කියලා කියන්නේ…

Read More

ඩුබායි Fame park ගිය හිටපු ජනපති

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිවාඩුවක් ගත කරමින් සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරට ප්‍රකට පෞද්ගලික සත්වෝද්‍යානයක් වන ෆේම් පාර්ක් වෙත ගොස් සතුන් නරඹන ඡායාරූප කිහිපයක් මේ වනවිට මාධ්‍යයට නිකුත් වී තිබේ. ඩුබායි හි  ‘ෆේම් පාර්ක්’ හි හිමිකරු වන්නේ සයිෆ් අහමඩ් බෙල්හාසාය. ඔහු රාජපක්ෂගේද හිතවතෙකි. ඔහු ගෝඨාභය රාජපක්ෂ සිය සත්ව උද්‍යානයට පැමිණි අවස්ථාවේ සාකච්ඡාවකද නිරතවන…

Read More

දුම්රි‍යෙන් ගමන් යන අයට විශේෂ දැනුම්දීමක්

  උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (05) සිට මාස පහක කාලයක් අනුරාධපුරය දක්වා පමණක් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම මාර්ගයේ මහව සිට ඕමන්ත අතර දුම්රිය මාර්ගය නවීකරණය ආරම්භ කිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය කොළඹ සිට අනුරාධපුර දක්වා සිදුකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්.ගුණසිංහ මහතා සදහන් කළේය. කෙසේවෙතත් යාපනය දක්වා ගමන් ගන්නා මගීන් සදහා අනුරාධපුර…

Read More

ගැඹුරු කුහරයක සිරවූ තවත් පුංචි ජීවිතයකට අවසානයේදී අත්වූ ඉරණම

ලෝකයේම හදවත් කම්පා කරවමින් ගැඹුරු කුහරයකට ඇදවැටුණු තවත් දරුවෙකු ජීවිතයෙන් සමුගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. වියට්නාමයේ වැඩබිමක කොන්ක්‍රීට් පිරවීම සඳහා සකසා තිබූ කුහරයක් වෙත ඇදවැටුණු පුවත පසුගිය දෙසැම්බර් 31 වනදා විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේ වෙතත් මේ වනවිට විදෙස් මාධ්‍ය විසින් එරට බලධාරීන් උපුටා දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ එම දරුවා මියගොස් ඇති…

Read More

13 වැනි මාසයට ලැබුණ වැටුප

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ශ්‍රීලන්කන් ගුවන් සමාගම එහි සේවකයින්ට ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ආයතනවල සභාපතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසා තිබේ. ඒ, රජයේ චක්‍රලේඛවලට පටහැනිව ප්‍රසාද දීමනා ගෙවූ බවට ලැබුණු වාර්තාවක් පදනම් කරගනිමිනි. පාඩු ලබන සංස්ථා හා මණ්ඩල වෙත ප්‍රසාද දීමනා නොගෙවන ලෙස මුදල් අමාත්‍යාංශය දැනුම් දී තිබුණද ලංකා ඛනිජ…

Read More
Back To Top