වහලය උඩට වැටුණ උල්කාපාතයක් නිසා මිලියනපතියෙක් වු වාසනාවන්තයෙකුගේ කතාව

33 හැවිරිදි ජොෂුවා හුටගලන්ග්, සුමාත්‍රා හි මිනී පෙට්ටියක් සාදන්නෙකු වන අතර කොලැන්ග් නගරයේ පිහිටි ඔහුගේ නිවසෙන් පිටත මිනී පෙට්ටියක වැඩ කරමින් සිටියදී එකවරම උල්කාපාතයක් ඔහුගේ වහලය උඩට පතිත උනා.

ශබ්දය කොතරම් ඝෝෂාකාරී ද කියනවා නම් නිවසේ කොටස්ද දෙදුරුම් කන්නට විය. පසුව මේ ගැන සොයා බැලීමේදී වහලය සිදුරු කරගෙන වැටී තිබූ පාෂාණයක් හමු උනා. මම එය ඔසවන විට ගල තවමත් උණුසුම්.”ඔහු ඉන්දුනීසියාවේ කොම්පස් පුවත්පතට පවසා තිබුනා.

උල්කාපාත කාබනීක චොන්ඩ්‍රයිට් වන අතර එය වසර බිලියන 4.5 ක් පැරණි යැයි ගණන් බලා ඇති අතිශය දුර්ලභ ප්‍රභේදයකි.ග්‍රෑම් එකක් ඩොලර් 645 ක් පමණ වටිනා බව වාර්තා වේ.
ජොෂුවා හුටගලන්ග් විසින්  උල්කාපාත එකතු කරන්නකුට හට එය ඇමෙරිකානු ඩොලර් මිලියන 1.8කට විකුනා ඇත.

මෙම සිදුවීමෙන් පසු ඔහු සේවයෙන් විශ්‍රාම ගොස් ඇති අතර ගමට නව පල්ලියක් ඉදිකිරීමට කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top