“එක්ස්ප‍්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්වරයා ඇතුළු තිදෙනාට රටින් පිටවීම තහනම්..

මෙරට මුහුදු සීමාවේ දි ගිනි ගැනීමට ලක්වු ”එක්ස්ප‍්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්වරයා ඇතුළු නිලධාරීන් තිදෙනාට මෙරටින් පිටවීම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා අද තහනම් නියෝගයක් නිකුත් කළේය.

මෙම තහනම් නියෝගය ආගමන විගමන පාලකවරයා වෙතද දන්වා යවන ලෙසට මහේස්ත‍්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයාට ද නියම කළේය.

එසේම, රජයේ රස පරීක්ෂකවරයා සමග ගොස් මෙම නැව පරීක්ෂාවට ලක්කිරීම සදහා ද අධිකරණයෙන් අප රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය.

මේ අතර කොළඹ වරාය ආසන්නයේ ගිනිගැනීමට ලක්වූ ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවට එම නෞකාව හිමි සිංගප්පූරු සමාගම යොමු කළ ආපදා කළමනාකාර නිලධාරිහු තිදෙනෙක් අද ගොඩවූහ.

මේ අතර සමුද්‍රීය පිරිසර ආරක්‍ෂණ අධිකාරියේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් අද පෙරවරුවේ ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාව වටා නිරීක්‍ෂණ චාරිකාව නිරත වූ බවත් එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පවසයි.

නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී ඇති බවත් නැවට ගොඩවූ නිලධාරීන්ගෙන් නෞකාව පිළිබඳව වාර්තාවක් ලැබීමට නියමිත බවත් සමුද්‍රීය පිරිසර ආරක්‍ෂණ අධිකාරියේ නිලධාරියා සඳහන් කරයි

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top