kusal medis susal janith

කුසල්ලා දෙන්නම ඉවතට – කණ්ඩායමේ නව නායකයින් මෙන්න

ශ්‍රි ලංකා එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් කන්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වය ගැන ඉදිරියේදී තීරණයක් ගනු ඇතැයි වාර්තා වේ.ඒ ඔහු නායකයා ලෙස සහභාගි වූ බංග්ලාදේශ සහ එංගලන්ත තරග සංචාර ද්විත්වයම කන්ඩායමක් ලෙස ශ්‍රි ලංකා කන්ඩායම අසාර්ථක වූ නිසාවෙනි.මෙම සංචාරයන් ද්විත්වයට ශ්‍රි ලංකා කන්ඩායම මෙරටින් පිට වීමට පෙර තේරිම් කමිටුව සහ සාකච්ඡා කරමින් කුසල් ජනිත් පෙරේරාට නායකත්වය ලබා දුන්නේ පරිවාස කාලයකට ය.එහෙත් ඔහු මෙම තරගාවලි ද්විතයම නායකයෙකු ලෙස අසාර්ථක වීම නිසා ඉදිරියේදී නායකත්වයේ වෙනසක් සිදු වෙනු ඇතැයි වාර්තා වේ.

එසේම විනය විරෝධී කටයුත්තකට තරග තහනම් වී ඇති කුසල් මෙන්ඩිස් හටද සිය උප නායකත්වය අහිමි වී යනු ඇතැයි වාර්තා වේ.එසේම එම උප නායකත්වය සදහා නවක ක්‍රීඩක චරිත් අසලංක හට ඉදිරි ඉන්දීය තරගාවලියේදී අවකාශ හිමි වේවි යැයි Asian Mirror වෙබ් අඩවිය වාර්තා කරයි.

එම වෙබ් අඩවිය වැඩි දුරටත් වාර්තා කරන්නේ කුසල් මෙන්ඩිස් දැරූ උප නායකත්වය චරිත් අසලංක හටත් මේ දිනවල ප්‍රේක්ෂකයන්ගේ ප්‍රසාදයට මෙන්ම සාර්ථක ලෙස ක්‍රීඩා කරන දනංජය ද සිල්වා හට එළැඹෙන ඉන්දීය තරගාවලියේ නායකත්වය හිමි වෙනු ඇති බවට විශ්වාසනීය ආරංචි මාර්ග වාර්තා කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top