වර්තමානය වන විට අපේ රටේ එක් පවුලක සිටින දරුවන් ගණන එක්කෙනෙකුට හෝ දෙන්නෙකුට සීමා වෙලා තියෙනවා. නමුත් අතීතයේ නම් අපේ රටේ එක පවුලකට ළමයි හත් අට දෙනෙකුටත් වඩා සිටියා. වර්තමානය වෙනකොට මිනිසුන්ට තිබෙන කාර්‍යබහුල ජීවින රටාවත්, ආර්ථික අපහසුතාත් බොහෝ පවුල්වල ළමයින් සීමා වීමට හේතුවක් වෙලා තියෙනවා. අද අපි කතා කරන්න යන්නේ මේ වෙනකොට දරුවන් හත් දෙනෙකු බිහි කරමින් ඉතාමත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන මහනුවර පල්ලියගුරු යුවල ගැනයි. ඕක්‍රේස් සමූහ වයාපාරයේ සභාපති සුජීව පල්ලියගුරු මහතාගේ ආදරණීය බිරිද මිෂෙල් පල්ලියගුරු මහත්මිය පසුගිය දිනයකදී පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවට එකතුවී ඔවුන්ගේ ආදර කතාව ගැන මේ විදියට තමයි කියලා තිබුණේ.
“මට මුලින්ම සුජීව හමුවුණේ 2000 අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනිදා මහනුවර තිලංකා හෝටලයේදී. මමයි මගේ පවුලේ අයයි දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රී ආහාරය ගැනීමට තිලංකා හෝටලයට ගිහින් ඉන්න අතරතුර සුජීවත් ඔහුගේ පවුලේ අය සමග රාත්‍රී ආහාරය ගැනීමට තිලංකා හෝටලයට ඇවිල්ලා තිබුණා. සුජීවගේ අම්මයි තාත්තයි මගේ අම්මයි තාත්තයි ඉස්සර ඉදන්ම හොද හිතවතුන්. ඒ නිසා එදා අපේ ගෙදර අය සුජීවගේ පවුලේ අය එක්ක කතා කරා. නමුත් මම ඊට කලින් කවදාවත් සුජීවව දැකලා තිබුණේ නෑ. එදා තමයි එයාව පළවෙනි වතාවටම දැක්කේ. අපි දෙන්නත් එදා ටික වේලාවක් කතා කරා. ඒ වෙද්දී මගේ වයස අවුරුදු 23 යි. සුජීවට 28 යි.
අපේ මුල්ම හමුවීමෙන් පස්සේ මාස දෙකක් විතර යද්දී දෙන්නට දෙන්නා ගැන කැමැත්තක් ඇති වෙලා තිබුණේ. ඒ මාස දෙක අතරේ අපි සැරෙන් සැරේ කතා කරා. අපේ පවුල් දෙකේම අය අදුරන නිසා අපි දෙන්නට කතා කරන එක ප්‍රශ්නයක් වුණේ නැහැ. ඔය කාලය වෙද්දී සුජීවට ගෙදරින් විවාහ වෙන්න කෙනෙක් හොයමින් තමයි ඉදලා තිබුණේ. මනමාලියෝ කිහිප දෙනෙක් බලන්නත් ගිහින් තියෙනවා. නමුත් සුජීවට ඒ කිසිම මනමාලියකට හිත ගිහිල්ලා නෑ. ඊට පස්සේ මමයි සුජීවයි ආදරය කරන්න පටන් ගත්තා. අපේ ගෙවල් දෙකේම අය අදුරන නිසා අපි දෙන්නගේ ආදර සම්බන්ධතාවයට අපේ ගෙවල්වලින් අකමැති වුණේ නැහැ. ඉතින් ඒ නිසා අපි දෙන්නා මුලින්ම හමු වෙලා අවුරුද්දක් යන්න කලින්ම 2001 වර්ෂයේ මැයි 3 වෙනිදා අපි දෙන්නගේ විවාහය ලියාපදිංචි කරනවා.
ඉන් පසුව 2001 අවුරුද්දෙම සැප්තැම්බර් 27 වෙනිදා අපේ විවාහය පැවැත් වුණා. අපි දෙන්නා ආදරය කරන්න අරන් අවුරුද්දක් යන්නත් කලින් අපි දෙන්නා විවාහ වුණ නිසා සුජීවයි මායි දෙන්නට දෙන්නා ගොඩාක් තේරුම් ගත්තේ ගොඩාක් ආදරය කරන්න ගත්තේ, අපි දෙන්නගේ අදහස් ගැළපීම් තේරුම් ගැනීම් සියළුම දේ අවබෝධ කරගත්තේ විවාහයෙන් පසුවයි. ඒ තරම් ඉක්මනින් විවාහ වුණේ සුජීව විවාහ වෙන වයස පසුකරමින් සිටි නිසා. මට ඉක්මනින්ම විවාහ වෙන්න ඕනි කමක් තිබුණේ නෑ. නමුත් සුජීවගේ දෙමව්පියෝ විවාහය ඉක්මන් කළා. නමුත් ඒකේ වරැද්දක් දකින්නේ නෑ මම. මොකද මම සුජීවට ආදරය කරන කාලයේ එයා ගොඩාක් හොද එකට ජීවත් වෙන්න පුළුවන් පුද්ගලයෙක් කියලා මට තේරුණා.
අපි දෙන්නා විවාහ වෙලා ගොඩාක් ආදරෙන් තමයි කාලය ගත කරේ. දෙන්නට දෙන්නා හොදින් තේරුම් ගත්තා. කොහොම නමුත් දරුවන් හත් දෙනෙක් හදනවා කියලා අපි හිතුවේ නෑ. හැබැයි සුජීවනම් දරුවෝ ගොඩකට කැමැත්තෙන් තමයි හිටියේ.පළවෙනි දරුවා ලැබෙන්න ඉන්නකොට සුජීව කිව්වේ පුතෙක් වුණොත් හොදයි කියලා.නමුත් අපිට පළවෙනියට හම්බුණු දරුවා දුවෙක්.දුව හම්බුණාට පස්සේ සුජීවට දුවට ගොඩාක් ආදරය හිතුනා. ඊට පස්සේ සුජීව කිව්වේ දෙවනියටත් දුවෙක් වුණොත් හොදයි කියලා. අපි හිතුවා වගේම දෙවෙනියට අපිට දුවෙක් හම්බුණා.ඒ විතරක් නෙවෙයි තුන් වෙනියා,හතර වෙනියා,පස් වෙනියා වෙනකන්ම අපිට දුවලා තමයි ලැබුණේ. මමයි සුජීවයි දුවලා පස් දෙනාට ගොඩාක් ආදරේ කරා.
අපිට කවදාවත් දරුවෝ වැඩි වුණේ නෑ. දරුවෝ පස් දෙනෙක්ම සිටින නිසා දරුවෝ ඇති කියලා හිතුණේ නෑ. මම හරිම ආස කළා ඒ උත්තරීතර වූ මව් පදවිය නැවතත් දරන්න. දරුවන් ලැබෙන්න ලැබෙන්න දරුවන්ට තියෙන ආසාව වැඩි වුණා. ඊට පස්සේ අපිට ලැබුණු හය වෙනි දරුවා පුතෙක්. ඊට පස්සේ සුජීවට පුතාලට ආස හිතුනා. සුජීව කිව්වා අපි හත් වෙනි දරුවාටත් පුතෙක්ව හදමු කියලා. කිව්වා වගේම හත් වෙනි දරුවත් පුතෙක්ම වුණා. ඉතින් අපි ඒ විදියට තමයි දරුවෝ හැදුවේ. මේ වෙනකොට දරුවෝ උස් මහත් වෙලා අපි ගොඩාක් සතුටෙන් තමයි කාලය ගත කරන්නේ
කවදාවත් දරුවන් වැඩි නොවුනු එම ආදරණීය පවුල ගැන මිෂෙල් අවසාන වශයෙන් පවසලා තිබුණේ ඒ වගේ දෙයක්. දරුවන් හත් දෙනා සහ තම සැමියා සමගින් මේ වෙනකොට ඇය ඉතාමත් ආදරණීය පවුල් ජීවිතයක් ගත කරනවා.උපුටාගැනීම ceylontalks com
මේ ආදරණීය පවුලට සුබ පතන ගමන්ම එම ආදරණීය කැදැල්ලේ චායාරූප කිහිපයක් අපි ඔබ වෙත ගෙන ආවා.