පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද (24) ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඒ සඳහා මෙවර රටවල් 163ක් නියෝජනය කරමින් එක්වන ආබාධිත ක්‍රිඩක ක්‍රිඩිකාවන් සංඛ්‍යාව 4500කට අධික බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ටෝකියෝ පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 9ක්.
