අපේ කලා ලෝකය තුළ කලක් ජනප්‍රිය රංගන ශිල්පිනියක්, නිරූපන ශිල්පිනියක් රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස ජනප්‍රියත්වයට පත් සුවිශේෂ චරිතයක් තමයි අනර්කලී ආකර්ෂා ජයතිලක කියලා කියන්නේ.
එලෙස කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් ඇයව අපට පසුකාලීනව දේශපාලන කටයුතුවල නිරතවන චරිතයක් ලෙසත් දැකගන්නට ලැබුණා. ඇත්තෙන්ම ඇය වර්තමානය විට ලංකාවේ පමණක් නොව විදේශ රටවල් වලින් පවා බොහෝ ප්‍රතිචාර ලබන තාරකාවක් බවට පත්ව තිබෙනවා
කොහොමහරි ඉතින් 2004 වර්ෂයේ දී ලෝක රෑ රැජින තරගාවලියේ ජයග්‍රාහිකාව ලෙස කිරුළු පලදින්නේද ඇයයි. කොහොම නමුත් ඇගේ රංගන දිවිය මුලින්ම ආරම්භ වන්නේ 1995 වසරේදීයි. ඒ සෝමරත්න මහතා සහ රේණුකා බාලසූරිය මහත්මිය විසින් නිශ්පාදනය කරනු ලැබු “ඉටි පහන්” කියන ටෙලි නාට්‍යය හරහායි.
පසුකාලීනව සිනමා චිත්‍රපට සදහා සිය රංගන දායකත්වය දක්වන ඇය 2003 වසරේදී “පිස්සු ට්‍රිබල්” චිත්‍රපටය ඔස්සේ අපට දැකගන්නට ලැබෙනවා. ඇත්තෙන්ම එලෙස මෙම චිත්‍රපටයට සිය රංගන දායකත්වය දක්වපු ඇය ලාංකීය ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය ජනප්‍රියත්වය විශාල ලෙස දිනා ගැනිමට සමත්වෙනවා
එපමණක් නොවෙයි ඒ කාලයේ දි ශ්‍රී ලංකා සිනමා ක්ෂේත්‍රය තුල ජනප්‍රියම නිලිය සම්මානය ලබාගත් ලාබාලම නිලිය වන්නේද ඇයයි. කොහොමහරි ඉතින් ඇය මේ වන විට සන්නාම තානාපතිනියක ලෙස කටයුතු කරන බවයි අපට දැනගන්නට ලැබුණේ. මේ අතර දෙරණ නාලිකාවේ විකාශනය කෙරුණු “Anarkali Live” වැඩසටහන සහ 2010 වර්ෂයේ දි දෙරණ මියුසික් විඩියෝ අවෝර්ඩ්ස් හී නිවේදිකාව ලෙස ද කටයුතු කරනු ලැබුවේ ඇයයි
කොහොමහරි ඉතින් වසර ගනනාවක් පුරාවට විදෙස් රටක පදිංචිව සිටින ඇයට ලංකාව තරම් කිසිම රටක් හිතට වදින් නෑ කියලයි ඇය කියන්නේ ඒ වගේම “පරණ දේවල් මතක් වෙනකොට ජීවිතේ දුකයි. අතිතය ගැන මම හිතන් නැහැ.” කියලත් ඇය කියලා තිබෙනවා