Wildlife Photography of the Year

ලාංකීය දරුවෙකුට ජාත්‍යන්තර ඡායාරූප තරඟයක ප්‍රශස්ත ඇගයීමක්

ලන්ඩනයේ ස්වාභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරය විසින් සංවිධානය කරනු ලබන Wildlife Photography of the Year ලොව දක්ෂ ඡායාරූප ශිල්පීන් රැසක් බිහි වන තරගයක්. මෙවර එම තරගය සඳහා රටවල් 95 ක් නියෝජනය කරමින් ඡායාරූප 50000 ක ට අධික සංඛ්‍යාවක් ලැබී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අතුරින් ප්‍රශස්ත ඇගයීමට ලක් වූ අයගේ නම් පසුගිය 1 වනදා ප්‍රකාශයට පත් කළ අතර එහිදී ශ්‍රී ලංකාවේ බුද්ධිනී සොයිසා සහ අවුරුදු 10 ට අඩු වයස් කාණ්ඩයේ ගගන මෙන්ඩිස්ගේ ඡායාරූපයද ප්‍රශස්ත ඇගයීමට ලක් වී තිබෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් ගගන මෙන්ඩිස් සඳහන් කළේ රට වසා දැමූ කාලයේ තම වැඩිමහල් සහෝදරයා සමඟ එක්ව නිවසේ තිබූ මැරුණු පුවක් ගසක තිබූ ගිරා බෙනයක ඡායාරූප ගත් බවයි. එසේම ගගනගේ සහෝදරයා වන අමත මෙන්ඩිස් සඳහන් කළේ තමන් මුලින් මෙම ගිරා බෙනයේ ඡායාරූප ගත් බවත් ඉන් පසුදින උදෑසන 5.30 ට පමණ ඡායාරූප ගැනීම සඳහා කැමරාව සොයන විට කැමරාව නොතිබූ බවයි. ඉන් පසු සොයා බලන විට තම සහෝදරයා ඉහළ මහලයේ සිට මෙම ගිරා බෙනයේ ඡායාරූප ගනිමින් සිටි බවත් එසේ ගන්නා ලද ඡායාරූප දෙකක් වෙන වෙනම මෙම තරඟය සඳහා ඉදිරිපත් කළ බවයි අමත මෙන්ඩිස් වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව අමතගේ ඡායාරූපය අවසන් වටය දක්වා පැමිණ ඇති අතර කෙසේ නමුත් ගගනගේ ඡායාරූපයක් මෙලෙස Wildlife Photography of the Year සඳහා තේරී පත්ව තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top