” මම ශක්තිමත් කෙනෙක් මගේ තාත්තා නැතිවුනේ මම කුඩා කාලයේදිමයි” පාරදිගේ ඔබ හමුවට එන නිත්‍යා දේවින්දී

නිත්‍යා දේවින්දි කියල කියන්නේ වර්තමානය වනවිට ලාංකීය රංගන ක්ෂේත්‍රය තුළ අති විශාල ජනප්‍රියත්වයක් හිමිකරගත් ජනප්‍රිය රංගන ශිල්පිනියකි. ඇත්තෙන්ම ඇය ලාංකීය ජනයා අතර ජනප්‍රියත්වයට පත්ව සිටින්නේ නිත්‍යා කියන නමට වඩා ” පාරදිගේ” ටෙලි නාට්‍යයේ රුවිනි කියන නමිනුයි. කොහොම නමුත් ඇය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 2019 දෙරණ අවුරුදු කුමරිය තරගාවලියේ අවසන් දොළොස් දෙනාගේ වටයට තේරී පත්වීමෙන් අනතුරුවයි

කොහොමහරි ඉතින් රංගන ශිල්පිනියක ලෙසින් ඇය සිය රංගන දායකත්වය දක්වපු පළමු ටෙලි නිර්මාණය තමයි දෙරණ නාලිකාවේ විකාශය කෙරුණු මුතුලෙන්දොර ටෙලිනාට්‍යය කියන්නේ. මේ අතර ඇය පසුගිය දිනක එක්තරා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් ඇගේ රංගන දිවියේ රසමුසු තැන් පිළිබදව කියල තිබුනේ මෙලෙසයි

මම මුලින්ම දෙරණ නාලිකාවට ස්තුතිවන්ත වෙනවා. මොකද මට රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නට හැකියාව ලැබුණේ දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ අවසන් දොළොස් දෙනාගේ වටයට තේරී පත්වීමෙන් පසුවයි
ඊට පස්සේ මට මුතුලෙන්දොර ටෙලි නාට්‍යයේ නෙළුම්ගේ චරිතය රඟපෑමට අවස්ථාව ලැබුණා. ඇත්තටම එහිදී යම් ප්‍රේක්ෂක පිරිසක් මා වටා එක්රොක් වුණා.නමුත් ටික කාලයක් යද්දි මට ඇතිවූ යම් යම් ගැටලු හේතුවෙන් මට එම ටෙලිනාට්‍යයෙන් ඉවත් වන්නට සිදු වුණා” කියලයි

නමුත් ඒ පිළිබඳව නොයෙකුත් කට කතා පැතිරුනා කියන ඇය කියන්නේ බොහෝ දෙනෙක් ප්‍රචාරය කරලා තිබුනේ මම ටෙලිනාට්‍ය වල සම්පූර්ණයෙන්ම රඟපාන්නේ නෑ කියල කියලයි. නමුත් ඒ කටකතාවන් සියල්ල බොරු කියන නිත්‍යා කියන්නේ එම කටකතා බොරු කියලා මම පාර දිගේ ටෙලි නාට්‍ය හරහා ඔප්පු කරනවා කියලයි. ඒ වගේම ඇය කියන්නේ ” කොහොමත් මම ශක්තිමත් කෙනෙක්. මගේ තාත්තා නැතිවුණේ මම කුඩා කාලයේදිමයි.මගේ අයියා සහ අම්මා මට තාත්තා නැති අඩුව දැනෙන්න දුන්නෙ නැහැ.ඉතින් අම්මගේ ශක්තිය මට ඒ විදිහටම ඇවිත් තියෙනවා කියලා මම හිතනවා.” කියලයි

කොහොම නමුත් ඇය මේවන විට සිය රංගන දායකත්වය දක්වන ” පාරදිගේ” ටෙලි නාට්‍ය පිළිබඳ කියන්නේ මෙන්න මේ වගේ කතාවකුයි. “ඇත්තටම පාර දිගේ ටෙලි නාට්‍යය ගැනත් මම මතක් කරන්නම ඕනි. ජයප්‍රකාශ් ශිවගුරුනාදන් ප්‍රවීණ අධ්‍යක්ෂවරයා අධ්‍යක්ෂණය කළ අපූරු ටෙලි නාට්‍යයක් තමයි පාර දිගේ කියලා කියන්නෙ.රුවිනි චරිතයට මට විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබෙනවා.ඉතිං මට ඒ ගැන ගොඩක් සතුටුයි.” කියලා තමයි ඇය අවසාන වශයෙන් කියා සිටියේ.නිත්‍යා දේවින්දි කියලා කියන්නේ රංගන ක්ෂේත්‍රයට නවක යොවුන් තරුණියක්.නමුත් ඉතා කෙටි කාල සීමාවක් තුලදී විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ප්‍රමාණයක් ලබා ගැනීමට ඇයට හැකියාව ලැබුණා.” කියලයි

ඉතින් මේවන විට ලාංකිකයන් අතර සුවිශේෂ ජනප්‍රියත්වයක් ලබාගෙන සිටින ඇගේ ඉදිරි රංගන වැඩකටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල සුබ පතන ගමන්ම ඇගේ සුන්දර ජායාරූප පෙළක් මේ විදිහට අරගෙන එනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top