
මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරගාවලියේ ශුරතාව ශ්‍රී ලංකාවට
බංග්ලාදේශයේ පැවැති මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරගාවලියේ ශුරතාව ශ්‍රී ලංකාව දිනා ගනියි. නේපාල කණ්ඩායම පරදවා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වට දෙකයි බින්දුවක ජයක් වාර්තා කළේය. දීපිකා බණ්ඩාර සහ චතුරිකා මධුෂාණි ඊයේ පැවැති අවසන් මහ තරගයේදී දක්ෂතා දැක්වුහ. තක්සිලා ගුණසිංහ මෙනවිය එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළාය.