ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය හෙට (සැප්තැම්බර් 30) දක්වා කල් දමා තිබෙනව.
ඒ අනුව ශ්‍රී ලංකා වෙලාවෙන් හෙට රාත්‍රී 7.30 ට තරගය ආරම්භ කිරීමට නියමිතයි.
එමෙන්ම අවසන් මහා තරගය ඔක්තෝම්බර් 01 වෙනි දින පැවැත්වෙන බව එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
අවසන් මහා තරගයේදී වර්ෂාවෙන් බාධා එල්ලවුවහොත්, කුසලානය අවසන් මහා තරගයට සුදුසුකම් ලද කණ්ඩායම් දෙක අතර සමසේ බෙදී යනු ඇති.
මේ අතර ඊයේ දිනයේ පැවති ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරගයට බාධා එල්ලවීම නිසා එම තරගය අද දිනයේදි පැවැත්වෙන බවයි නිවේදනය කර ඇත්තේ.