
මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිනියක්
ශ්‍රී ලංකා මහබැංකුවේ සහකාර අධිපති සහ මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස කටයුතු කළ කේ එම් ඒ එන් දවුලගල, ශ්‍රී ලංකා මහබැංකුවේ නියෝජ්‍ය අධිපති තනතුරට උසස් කර තිබෙනවා. ඒ, මුදල් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතවයි. කේ එම් ඒ එන් දවුලගල, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ හා නියාමන, ජාත්‍යන්තර මෙහෙයුම්, අවදානම් කළමනාකරණ, මානව…