Lanka Latest news site (18)

දික්වැල්ල, අසිත සහ මතීෂ අද රාත්‍රියේ ඔස්ට්‍රෙලියාව බලා පිටත්ව යයි

Lanka Latest news site (18)

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ දිගින් දිගටම මතුවන ක්‍රීඩක ආබාධ හේතුවෙන් ඉදිරියේදීත් යම්කිසි ආදේශන කිරීමක් අවශ්‍ය වුවහොත් ඒ සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ තවත් ක්‍රීඩකයන් තිදෙනකු අද රාත්‍රියේ ඔස්ට්‍රෙලියාව බලා පිටත් කර හැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල සහ වේග පන්දු යවන්නන් වන අසිත ප්‍රනාන්දු සහ මතීෂ පතිරණ තිදෙනා අද රාත්‍රියේ ඔස්ට්‍රෙලියාව බලා පිටත්ව යනු ඇති.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ දක්‍ෂතා මධ්‍යස්ථානයේ ප්‍රධානී ටිම් මැකාස්කිල් ගේ අධීක්‍ෂණය යටතේ ඔවුන් මෙල්බර්න් හි පුහුණුව ලබන අතර, ජාතික කණ්ඩායමට එක්වන්නේ අවශ්‍යතාවයක් මතු වුවහොත් පමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top