
සිංගප්පූරුවට ආසන්න ජාත්‍යන්තර මුහුදේදී අනතුරට ලක්ව මුදාගත් යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 303 දෙනා මේ වනවිට වියට්නාමයේ හැනෝයි අගනුවරට කිලෝමීටර 1800ක් දුරින් පිහිටි වුන්ග් ටාඕ වරායට රැගෙනවිත් තිබෙනවා. ඔවුන් ආපදාවට පත්ව සිටි යාත්‍රාවෙන් මුදාගෙන මෙලෙස එම වරායට රැගෙනවිත් ඇති බවයි ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය කියා සිටියේ. ඊයේ දිනයේ දී අදාළ යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයෙකු නාවික හමුදාව අමතා තමන් රැඳී සිටින යාත්‍රාව අනතුරට ලක්ව ඇති බව දැනුම් දී තිබුණා. පසුව කොළඹ සමූද්‍රීය ගලවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මේ සම්බන්ධයෙන් සිංගප්පූරුව, වියට්නාමය සහ පිලිපීනය යන රටවල් වෙත දැනුම් දීමෙන් පසුවයි මෙම යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිස ඒ අසලින් ගමන් කරමින් තිබූ ජපාන නෞකාවක් මගින් මුදාගෙන ඇත්තේ.
