තෙල් මිල පහළට!

  ලෝක වෙළඳපොලේ බොරතෙල් යළිත් වරක් පහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා. ඒ අනුව බොරතෙල් බැරලයක මිල සියයට හතරකට ආසන්න අගයෛන් ඊයේ (23) පහළ ගොස් ඇති බවයි නවතම වාර්තා වල දැක්වෙන්නේ. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල $84යි ශත 96ක් ලෙස දැක්වුණු අතර ඩබිලිව්.ටී.අයි. බොරතෙල් මිල සටහන් වුණේ $77යි ශත 76ක් ලෙසයි.

Read More

කොරෝනා අසාදිතයන්ගේ වැඩි වීමක්

  චීනයේ යලිත් කොරෝනා රෝගය ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතී. විදෙස් වාර්තා සඳහන් කළේ ඊයේ පමණක් ආසාදිතයන් 31,454ක් එරටින් වාර්තා වී ඇති බවයි. කොරෝනා වසංගතයා ආරම්භ වූ දින සිට එරටින් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව මෙය ලෙසයි සැලකෙන්නේ.

Read More

කොළඹ සහ ඩුබායි අතර ගුවන් ගමන් වැඩි කිරීමට Emirates තීරණය කරයි

  ශ්‍රී ලංකාවට සෘජු ගමන්වාර වැඩි කිරීමට එමිරේට්ස් ගුවන්සේවය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කොළඹ සහ ඩුබායි අතර තවත් දෛනික ගමන්වාරයක් වැඩි කිරීමට පියවර ගන්නා බවයි එම ගුවන් සමාගම සඳහන් කළේ. දෙසැම්බර් 01 වනදා සිට එම අතිරේක ගමන්වාරය ආරම්භ කරන බව එමිරේට්ස් ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කළා.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ICC යට ඉල්ලීමක්

  ශ්‍රී ලංකා – පාකිස්තාන තරඟාවලියේදී තරඟ පාවාදීමක් සිදුවූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සිදුකළ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දැනුම්දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර තිබෙනවා. ඒ අනුව එම චෝදනාව සම්බන්ධයෙන් සොයාබලන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විරෝධී ඒකකයේ සාමාන්‍යධිකාරී ඇලෙක්ස් මාර්ෂල් ට දැනුම්දීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ….

Read More

චාමික කරුණාරත්නට වසරක අත්හිටවූ තරඟ තහනමක්

  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ සඳහා වසරක අත්හිටවූ තරඟ තහනමක් පැනවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔස්ට්‍රේලියාවේදී පැවති T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී තරඟ කොන්ත්‍රාත් ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව චාමික කරුණාරත්න විසින්…

Read More
Back To Top