ලක්ෂ 08 ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග්රෑම් 03යි ග්රෑම් 105ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය සෙට්ටිකුලම කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුවයි ඊයේ(04) මාන්කුලම් පොලිස් වසමේ ඉන්දුපුරම්, ඉරණමඩු ප්රදේශවල මෙම වැටලීම කර ඇත්තේ.
මූතුර් ප්රදේශයේ පදිංචි සැකකරු වයස අවුරුදු 32ක පුද්ගලයක්. සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මාන්කුලම් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.