
වැට් බදු පනත බලාත්මකයි
එකතු කළ අගය මත බදු හෙවත් වැට් බදු සශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන අත්සන් තබා තිබෙනවා. ඊයේ (14) දිනයේ දී අත්සන් තැබූ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවති අතර එහිදී එය වැඩි ඡන්ද 41කින් සම්මත වුණා. ඒ අනුව මෙම පනත ඊයේ (14) දින සිටම බලාත්මක වනු ඇති.