
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක්
කොළඹ 11, 12, 13, 14 හා 15 යන ප්‍රදේශවලට ලබන දෙසැම්බර් මස 02 වැනිදා රාත්‍රී 10.00 සිට පසුදින (03) දවල් 01.00 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලව පවසනවා. ඒ, අඹතලේ බලශක්ති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට අදාළව නව සම්ප්‍රේශණ නල එළීම හේතුවෙන්.