
මිනිස් ජාවාරම් සිදුවීමට සම්බන්ධ තවත් කාන්තාවක් CID අත්අඩංගුවට
ඕමාන් රාජ්‍ය වෙත මිනිස් ජාවාරම් සිදුකළ බවට සැකකෙරන කාන්තාවක් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ජාවාරමට සම්බන්ධ කිහිපදෙනෙකු පොලීසිය විසින් පසුගිය දින කිහිපයේදීම අත්අඩංගුවට ගෙන තිබුණා.