අද (11) පස්වරුවේ සියලුම කාර්යාල දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.අද පෙරවරුවේ පමණක් දුම්රිය දෙකක් අවලංගු වූ බවයි පාලක මැදිරිය කියා සිටියේ. කෙසේ වෙතත් ඊයේ (10) දිනයේදී කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් දුම්රිය 8කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු වී තිබුණා.
