පසුගිය ජනවාරි පළමුවැනිදා සිට අමාත්‍ය මණ්ඩලය අනුමත කළ විදුලි ගාස්තු සංශෝධනය පෙබරවාරි 15 වැනිදා දක්වා ක්‍රියාත්මක බව විදුලිබල මණ්ඩලය සඳහන් කළා.
ඉන් පසු අදාළ ගාස්තු සංශෝධනයට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබීමෙන් පසු එය පෙබරවාරි 15 වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.
ඒ අනුව, නව විදුලි ගාස්තු සංශෝධනය යටතේ ගෘහස්ථ විදුලි ඒකක බින්දුවේ සිට 30 දක්වා ස්ථාවර ගාස්තු රුපියල් 400ක් වන අතර ඒකක 30 සිට 60 දක්වා ස්ථාවර ගාස්තු රුපියල් 550 දක්වා ඉහළ යනු ඇති.
නව විදුලි ගාස්තු සංශෝධන යෝජනාවට අනුව ඒකක 60 සිට 90 දක්වා ස්ථාවර ගාස්තු රුපියල් 650ක් දක්වා ඉහළ යන අතර විදුලි ඒකක 90 සිට 180 දක්වා අය කරන ස්ථාවර ගාස්තුව රුපියල් 1500ක්.
විදුලි ඒකක 180ට වැඩි සියලුම පාරිභෝගිකයින්ගෙන් ස්ථාවර ගාස්තු ලෙස රුපියල් 2000ක් අය කරන බවයි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න අද (12) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.
මේ අතර, කර්මාන්ත සඳහා විදුලි ගාස්තු ඉහළ යාම සහනයක් ලබාදීමට කටයුතු කර ඇති බව ද ඔහු එහිදී සඳහන් කළා.